හොඳ චිත්‍රපට ප්‍රදර්ශනය පමා වන බව ක්ෂේත්‍ර‘යේ නිර්මාණකරුවන් අතර ඇති ප්‍රබල මතයකි. එම චිත්‍රපට හොඳ නිර්මාණ ලෙස මත දරන ප්‍රමුඛම පුද්ගලයන් වන්නේ එම චිත්‍රපට නිර්මාණය කළ පිරිස, ඇතැම් විචාරකයන් සහ එම දෙපිරිස හා බැඳි මිතුරු මිතුරියන්ය. මෙවැනි හොඳ යැයි වර්ගීකරණයක් ලද චිත්‍රපට අසීරුවෙන් හෝ ප්‍රදර්ශන වරම් ලබාගත් විට ලද හැකි ඉහළම ආදායම වන්නේ ලක්ෂ 300 කි.
එවැනි චිත්‍රපටයකින් නිෂ්පාදකවරයාට ලැබෙන්නේ සියයට 40 ක් හෝ 45 ක් හෙයින් එම චිත්‍රපට‘යෙන් නිෂ්පාදකවරයා ලද ආදායම වන්නේ ලක්ෂ 130කට ආසන්න මුදලකි. මෙවැනි හොඳ යැයි සම්මත චිත්‍රපටයකින් සිනමා ශාලා 12 ක පමණ 4.15 දර්ශනය හෝ තව දර්ශනයක් පමණක් ලබා ප්‍රදර්ශන වරම් ලදහොත් ලද හැකි උපරිම මුලද ලක්ෂ 100 නොඉක්මවයි. එවැනි චිත්‍රපටයකින් නිෂ්පාදකවරයා ලබන්නේ බොහෝදුරට ලක්ෂ 40 ක පමණ මුදලකි.
මෙවැනි චිත්‍රපටයක DVD පිටපත් ප්‍රකාශන අයිතිය වෙනුවෙන්ද ලද හැකි ආදායම අල්පය. එය බොහෝ විට ලක්ෂ 20 ත් 25 ත් අතර දෝලනය වෙයි. මෙවැනි චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර හොඳ ප්‍රචාරයක් ලබාදීමට නිෂ්පාදකට අනිවාර්යයෙන්ම සිදුවන අතර, ඒ සඳහා කරනු ලබන වියදමද චිත්‍රපටයේ අවසායේදී ලබන ලාභයට බලපෑම් කරයි. මෙම චිත්‍රපට ප්‍රදර්ශනයට අද දවසේ වරම් ලැබෙන්නේ කොළඹ රීගල් සිනමාහල ප්රමුඛ CEL හා රිත්මා මණ්ඩලය වීම විශේෂත්වයකි. එනමුදු MPI හා LFD මණ්ඩලයේද එවැනි චිත්‍රපට ප්‍රදර්ශනයට කැමැත්තෙන් සිටියි.
'නිනෝ ලයිව්' වැනි චිත්‍රපටයක් මෑතකදී LFD, MPI මණ්ඩලයේ ප්‍රදර්ශනය වුවද, අලුත් චිත්‍රපට නිර්මාණකරුවන් තමන්ගේ සම්භාවනීය ලංසුවේ තබාගෙන සිටින චිත්‍රපට මෙම මණ්ඩලයේ ප්‍රදර්ශනයට මැළිකමක් දක්වති. එනමුදු මෙම මණ්ඩලයේ ප්‍රදර්ශනය කරන ලද 'නෝනේ මගේ සුදු නෝනේ' චිත්‍රපටය ලක්ෂ 350කට වඩා ආදායම් ලැබීම තුළ අද දවසේ ප්‍රේක්ෂක රසවින්දනය පවතින්නේ විචාරකයන් හා අතළොස්සක් දෙනෙකු පවසන ඉහළ තලයක නොවන බව පැහැදිලිය. එය එසේනම් රසවින්දනයෙන් පිරිහුණු සමාජයකට ඔරොත්තු නොදෙන තරමේ සම්මාන මේනියාවෙන් නිර්මිත සිනමාවෙන් ඵලක් වේදැයි මේ මොහොතේ විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණකි.
රටේ ජනතාව දුක්විඳින බව සැබෑවකි. එනමුදු එම දුක්විඳින ජනතාවගේ ජීවිත තුළට ඇළුල් වී ඔවුන්ගේ ජීවන චර්යා නැවත ප්රතිනිර්මාණයකොට ඔවුන්ටම නැවත පෙන්වීමට වෑයම් කිරීම ප්‍රතිඵලදායක කටයුත්තක් නොවේ. මෙම සම්භාවනීය යැයි නිර්මාණකරුවන් විසින්ම ලේබල් අලවා ගන්නා අප රට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අවමානයකට පත්කොට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හෑල්ලු කිරීමට විජාතික බලවේග හරහා ක්‍රියාත්මක වන මෙම සිනමාව තවදුරටත් අප රට තුළ ස්ථාපිත කිරීමට අප උඩගෙඩි දිය යුතුද? ඒ පිළිබඳ විමසා බැලීමට යහපාලන රජය වහ වහා ක්‍රියාත්මක විය යුතු කාලය දැන් එළඹ තිබේ. එසේ නොවුණහොත් පසුගිය රජය සමයේ හොර රහසේ රටේ ප්‍රතිරූපයට හානිකර චිත්‍රපට අන්තර්ජාතික සිනමා උලෙළ ගණනාවක් නියෝජනය කොට රටේ ප්‍රතිරූපය සුණු විසුණු කළා සේ වත්මන් රජයද අපහසුතාවකට පත්වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
කෙසේනමුදු මෙම චිත්‍රපට අතර ඇති අතළොස්සක් හැරුණුකොට සම්භාවනීය යැයි ලේබල් අලවාගෙන ඇති බහුතරයක් චිත්‍රපට එම චිත්‍රපට වෙනුවෙන්ම දොරටු විවර වී ඇති අන්තර්ජාතික සිනමා උලෙළ තුළ කිසිදු ප්‍රදර්ශන අවස්ථාවක් නොලද කෘතිය. එනමුදු මේ අතර ඇති අන්තර්ජාතික ඇගයීම් ලද චිත්‍රපට සම්භාවනීය සිනමාවක් තුළින් ඉදිරියට ඒමට වෑයම් කරන අලුත් පරපුරක් දැකීමෙන් නිර්මාණකරණයට යම් උත්තේජනයක් ලද හැකිය. එනමුදු යෞවනයන් දිරිගැන්වීමේ දේශීය උලෙළ තුළින් සමාජයේ කඩාවැටීම් උද්දීපනය කරන සිනමාවක්ම ඉදිරිපත් කිරීමට පෙළඹවීමෙන් පෙනෙන්නේ බටහිර රටවල පවා ඉතාම අඩු අවධානයක් ඇති මානසික ව්‍යාධිගත සිනමාව අපේ රටට එන්නත් කිරීමේ විශාල වෑයමක් පවතින බවයි. මේ තුළින් දේශීය තාරුණ්‍යය සහ සමාජය අරමුණු ජයගැනීම වෙනුවට ඉච්ඡාභංගත්වයට පත්කිරීමට තම චිත්‍රපට නිර්මාණය කිරීමට පොළඹවන්නේ යැයි යන අදහසක් ක්ෂේත්‍ර‘යේ ඉන්නා ඇතැමෙකු තුළ පවතී. රටේ ප්‍රේක්ෂක පිරිසෙන් සියයට 5ක් වත් නැති මෙම සම්භාවනීය යැයි ලේබල් අලවාගත් සිනමාවට යොමුවීමෙන් අද අසරණ වී ඇත්තේ ඒවාට මුදල් වියදම් කළ නිෂ්පාදකවරුය. ඕනෑම ව්‍යාපාරයක් කිරීමට ප්‍රථම එළඹෙන ව්‍යාපාරය පිළිබඳව ශක්‍යතා වාර්තා පිරික්සන ධනවතුන් චිත්‍රපට නිෂ්පාදනයේදී මේ කිසිවක් නොවිමසා චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹීම පුදුමාකාරය. මෙම අනුවණ පෙළඹීම සම්භාවනීය චිත්‍රපට වෙනුවෙන් පමණක් නොව වාණිජවාදී අරමුණු අනුව නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා චිත්‍රපට කෙරේද එකසේ බලපෑමක් කර ඇත.
පසුගිය ඔක්තෝබර් 24 වෙනිදා සන්ධ්‍යා‘‘වේ දෙහිවල කොන්කෝඩ් හෝටලයේදී චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන උදයකාන්ත වර්ණසූරිය සහ බෙනට් රත්නායක මහත්වරුන් ඇතුළු දේශීය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංසඳය සමගින් සංවිධානය කරන ලද සුහද හමුවකදී ක්ෂේත්‍ර‘යේ විවිධ පැති නියෝජනය කරන සියයකට අධික පිරිසක් සමග මෙම තත්ත්වය සාකච්ඡා කෙරුණි.
එහිදී උදයකාන්ත වර්ණසූරිය ගෙනා ප්‍රධාන අදහසක් වූයේ පවතින චිත්‍රපට පෝළිම තුළ ප්‍රදර්ශනයට සුදුසු චිත්‍රපට තේරීමට කමිටුවක් පත්කළ යුතු බවයි.
එම කමිටුවට අධ්‍යක්ෂවරුන්ගේ සංසඳය, කැමරා ශිල්පීන්ගේ සංසඳය, සංස්කාරකවරුන්ගේ සංසඳය, සහාය අධ්‍යක්ෂවරුන්ගේ සංසඳය, කලා අධ්‍යක්ෂකවරුන්ගේ සංසඳය, සිනමාශාලා හිමියන්ගේ සංගමය, වෙස්ගැන්වීමේ ශිල්පීනේගේ සංසඳය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය වැනි සෑම කණ්ඩායමකම නියෝජනයක් සහිතව පත් කළයුතු බවයි. එම කමිටුව රාජ්‍ය මැදිහත්වීමකින් යුතු රජ්‍ය පිළිගැනීමක් සහිත කමිටුවක් විය යුතු බව එම සාකච්ඡාවට එක්වූ චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා දැඩිව අවධාරණය කළේය.
එනමුදු මෙවැනි කමිටුවක් පත්කොට ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට තේරීමට යෑමේදී උපක්රමශීලීව තමන්ට අභියෝගයක් විය හැකි අලුත් පරපුරක් ක්ෂේත්රයෙන් එළියට විසිකිරීමේ මාවතක් ඇතිවීමේ අවදානමක් පවතී. කමිටුවේ සිටින්නේද ප්‍රවීණයන් නම්, අලුත් අධ්‍යක්ෂකවරුන්ගේ එම චිත්‍රපට හා ඒවාට සම්බන්ධ වන අලුත් පරපුර තමන්ට තර්ජනයක් වේයැයි ප්‍රවීණ පරපුරට දැනෙයි නම් එම චිත්‍රපට පමණක් නොව අලුත් දැක්මක් ඇති නිර්මාණකරුවන්ද කප්පාදු කිරීමට මෙවැනි කමිටුවකින් කළ හැකිවනු ඇත.
මෙම සාකච්ඡාවේදී ඇතිවූ තවත් අදහසක් වන්නේ නිෂ්පාදනයේ ආරම්භක අවධියේදීම හරසුන්යැයි හැඟෙන චිත්‍රපට නවතාලිය යුතු බවයි. අඩුම තරමේ තිරනාටක ඇගයීමේ මඬුල්ලක්වත් ස්ථාපිතකොට නැති අප දේශීය සිනමා කර්මාන්තයේ කවර තැනකින් එම ක්‍රියාවලිය සැකසිය යුතුදැයි අපට අදහසක් ගත නොහැකිය. අන්තර්ජාතික පුහුණුව ලද කිහිපදෙනෙකු වෙත චිත්‍රපට නිෂ්පාදක තනතුර පැහැදිලි කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩමුළු පැවැත්වීම මේ සඳහා යෝග්‍ය ක්‍රියාපිළිවෙතක් වන අතර, කවර හෝ නිෂ්පාදන තත්ත්වයකදී චිත්‍රපට නිෂ්පාදන වාරණය කිසිසේත්ම යහපත් ක්‍රමවේදයක් නොවේ.
එමෙන්ම තිරනාටක ඇගයීමද නිවැරදි නොවන්නේ වසර ගණනාවකට පෙර පැවති ජාතික චිත්‍රපට සංස්ථාවේ තිරනාටක ඇගයීමේ කමිටුවෙන් එවකට පැවති සම්භාවනීය පස්වෙනි මණ්ඩලයේ ප්‍රදර්ශන වරම් ලැබූ ධර්මසිරි බණ්ඩාරනායකගේ %හංසවිලක්^ චිත්‍රපට තිරනාටකය 'සී' (C ) කාණ්ඩයේ බාල තිරනාටකයක් ලෙස වර්ගීකරණය කිරීමේ අත්දැකීම අපට ඇති බැවිනි.
එමෙන්ම මෙවැනි කමිටුවක් තුළින් LFD හා MPI චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත වූ 'දෙවැනි වරම', 'පුංචි අපිත් බය නෑ දැන්', 'සෙල්ලම් නැත්නම් ලෙල්ලම්', 'අප්පට සිරි' වැනි චිත්‍රපට පමණක් නොව ප්‍රවීණයන් වන දිනේ්ෂ් ප්‍රියසාද්, ලකී ඩයස් (බ්‍රේකිං නිව්ස්), රෝයි ද සිල්වා වැනි පැරන්නන්ගේ චිත්රපටද වාරණයට ලක්වීමේ ඉඩක් පවතී. දිනේෂ් ප්‍රියසාද් පවසන්නේ ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලැබූ දිනයට අනුකූලව මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කළ යුතු බවයි. මේ සඳහා ඇති අසීරුම අවස්ථාව වන්නේ චිත්‍රපට ප්‍රදර්ශනයට සිනමා මණ්ඩල එකඟ කර ගැනීමයි.
එනමුදු රොඩ්නි විදානපතිරණ මහතා තම අලුත්ම චිත්‍රපටය එක් සිනමාහලක ප්‍රදර්ශනයට තම මනස සකසා ගැනීමත්, කල්‍යාණ චන්ද්‍ර‘සේකර තම චිත්‍රපට තෝරාගත් සිනමාහල් හයක හෝ හතක ප්‍රදර්ශනයෙන්, තම සිවුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කෙරේද නිෂ්පාදකවරයෙකු සොයා ගැනීමේ වරම් ලැබීමත් තුළ අලුත් පරපුරේ බහුතරයක ආකල්ප පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
අද පෝළිමක හිරවී සිටිනා බහුතරයක් අලුත් අධ්‍යක්ෂකවරුන්ට සිදුවී ඇත්තේ තම නිර්මාණ පිළිබඳව ඇති පුහු අධිතක්සේරුවයි. ප්‍රසන්න විතානගේ තම 'උසාවිය නිහඬයි' චිත්‍රපටය සිනමාහල් දහයක 4.15 දර්ශනය හෝ පමණක් ප්‍රදර්ශනයට එකඟ වූයේ නම්, අශෝක හඳගම 'ඇගේ ඇස අග' දින 25කට පමණක් ප්‍රදර්ශන වරම් ලබා සම්මානනීය වූයේ නම්, උදයකාන්ත වර්ණසූරිය තම අලුත්ම චිත්‍රපටය 'මධුර චාරිකා' LFD හා MPI මණ්ඩලයේ මුදාහැරීමට එකඟ වූයේ නම් මේ අලුත් අධ්‍යක්ෂකවරුන්ට අඩුම තරමේ අදාළ ප්‍රවීණයන් යන මග හඳුනා ගැනීමට නොහැකි වීම කනගාටුදායක තත්ත්වයකි.
තම ප්‍රථම චිත්‍රපටය තුළින්ම ලාභ ලැබීමේ අපේක්ෂාව පසෙකලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවේ ස්ථානගත වීමට උත්සාහ දැරීම මේ අලුත් අධ්‍යක්ෂකවරු ස්ථාපිත කරගත යුතු මුල් අරමුණයි. රැකියාවකට යන තැන සිට අලුත් පරපුරකට ඇති මුදල මූලික කරගත් මානසික තත්ත්වය තුළ සිනමා නිර්මාණකරණයේ යෙදීමද කලාකරුවෙකු ලෙස ස්ථානගත වීමට වරම් ලබා නොදෙයි.
පසුගිය දිනවල ප්‍රදර්ශනය වූ තම සමකාලීනයන්ගේ චිත්‍රපටවලට ලද ජනතා අවධානයේ අවම බව තුළින් තමන්ගේ චිත්‍රපටවලටද අත්වන ඉරණම මේ නිර්මාණකරුවන්ටද බොහෝදුරට දැනෙනවා විය යුතුය. තම චිත්‍රපට ප්‍රදර්ශනයට ඇති අවස්ථා පසෙකලා ඔවුන් අර්බුදයක් මවා පාන්නේ බොහෝවිට තම කෘතිය ජනතා ආකර්ෂණයක් නොලැබීමෙන් වන මානසික වියවුල සහ සමාජය තුළ මවාගත් ප්‍රතිරූපය බිඳී යෑමේ අවුලද දරාගත නොහැකි නිසාම නොවේද?