Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
වර්තමානයේ ටෙලි නාට්‍ය කලාවට අත්ව තිබෙන ඛේදවාචක තත්ත්වය ගැන සැලකිලිමත් වනවිට අපිට මෙවැනි නිර්මාණ කළ ඉතිහාසයක් තිබුණා කියලා ප්‍රේක්ෂකයාට සාක්ෂාත් කිරීම එක් අරමුණක්. අනිත් විශේෂිතම කාරණාව තමයි මේක මගේ පෞද්ගලික අරමුණක් නෙමෙයි. මෙය සත්ජන සහෘද සංසදයේ අරමුණක්. මෙහි සභාපති ලෙස සරච්චන්ද්‍ර එදිරිසිංහත්, ලේකම් ලෙස දීප්ති විජේතුංගත් ජ්‍යෙෂ්ඨ අනුශාසක ලෙස සෝමවීර සේනානායක මහතාත්, ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස එඩ්වින් ආරියදාස මහතාත් කටයුතු කරනවා. ඒ පිරිසගේත්, කලා ක්ෂේත්රයට සම්බන්ධ කලාකරුවන්, ව්‍යාපාරිකයන්, නිෂ්පාදකවරුන් ආදීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක් විසින් ගනු ලැබූ තීරණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙය සංඝායනාවක් වගේ කාරණාවක්. හොඳම නිර්මාණ මගේ නිර්මාණ. මේ නිර්මාණ තමයි අප ගත යුත්තේ කියන සරල කාරණාව තුළින් හිතලා කටයුතු කරනවා නෙමෙයි. මේ තුළින් මා ගැන යම් කථිකාවක් ඇති කරන්නත්, නිර්මාණයන්ට දායක වූවන්ට යම් ඇගයීමක් කරන්නත් මෙය සාධකයක් බවට පත් කර ගත්තා. අනිත් දේ තව කාලසීමාවක් ගතවුණොත් මෙවැනි කලාවක් පැවතුණා කියලා කතා කරන්නත් අමතක වෙයි. මේ පවතින රැල්ල තුළදී කිසියම් පිරිසක් මේ තුළින් දැනුවත් කරලා සුභවාදී තැනකට එන්න දමන අඩිතාලමක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. මගේ තිස් වසරක කලා ජීවිතයේ නිර්මාණ පිළිබඳ විමසීමක් කරන්න නැවත හැරී බැලීමක් ලෙසත් මේ කාරණාව සලකා බැලිය හැකියි.
රසවත් නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකාගාරයක් අපිට තිබෙනවා. කූඹියෝ කියන ටෙලි නාට්‍යයට මේ මොහොතේ විශාල ජන ආකර්ෂණයක් තිබෙනවා. නවක නිර්මාණකරුවන්ගේ හිඟභාවයක් නැහැ. හොඳ නිර්මාණකරුවන් ඉන්නවා. ඒ නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ සිදුකරන්න වෙලා තියෙන්නේ විශාල දුක් ගැහැට විඳලා. නමුත් එවැනි නිර්මාණ විශිෂ්ට නිර්මාණ බවට පසක් වෙලා අවසන්. අවරගණයේ ටෙලි නාට්‍යවලට රූපවාහිනී නාළිකාවල විශාල ප්‍රතිචාරයක් දෙනවා. ටෙලි නාට්‍ය බලන මොහොතේ මුදල් දෙනවා, තෑගි දෙනවා. පුවත්පත්වල දැන්වීම් පළ වෙනවා. තමන්ගේ ආයතනයේම ගුවන්විදුලි නාළිකාවෙත් පැයෙන් පැයට ප්‍රචාර ලබාදෙනවා. එවන් තත්ත්වයකදීත් කූඹියෝ කියන නාට්‍යයට එහෙම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් මිනිසුන් වැලඳ ගත්තා. හොඳ නිර්මාණ තියෙනවා. හැබැයි එවැනි හොඳ නිර්මාණ ප්‍රචාරය කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ. අද ටෙලි නාට්‍ය කියන විෂය ධාරාව මෙහෙය වන්නේ රූපවාහිනී බලධාරීන්. ඔවුන් තමයි ටෙලි නාට්‍ය යායුතු දිශානතිය තීරණය කරන්නේ. ගත යුතු නළු නිළියන්, ඉවත් කළ යුතු නළු නිළියන්, දර්ශන පසුතලය ඔවුන් තමයි තීරණය කරන්නේ. මේක ඛේදවාචකයක්. අද බොහෝ අධ්‍යක්ෂකවරුන් රූපවාහිනී බලධාරීන්ගේ රූකඩ බවට පත්ව තිබෙනවා. අධ්‍යක්ෂකවරයා කියන්නේ සමස්ත නිර්මාණයේ නිමැවුම්කරුවා. පිටපත තුළින් මතුනොවන්නා වූ යටි අරුත මතුකර ගැනීමේ හැකියාව ඔහුට පැවතිය යුතුයි. කැමරා ශිල්පියාට කැමරාවට භාවිත කළ යුතු කාචය, රූපයේ ස්වභාවය පෙන්වීමේ හැකියාවක් තිබිය යුතුයි. අධ්‍යක්ෂකට අවශ්‍ය ලෙස, මටසිලුටු ලෙස අවශ්‍ය ආලෝකය කරගන්න එක කැමරා ශිල්පියාගේ කාර්යය. දර්ශනයක වරදක් තිබෙනවා නම්, තාක්ෂණික වරදක් තිබෙනවා නම් එහි වරද අධ්‍යක්ෂකවරයා භාරගත යුතුයි. මගේ අඹුදරුවෝ ටෙලි නාට්‍යයේ අග භාගයේදී කතා කරන විලාසය ගැලපුණේ නැහැ. ඒ වරද නළු නිළියන්ගේ නෙවෙයි මගේ. මගේ මෙහෙය වීම නිවැරදිව සිදුවුණේ නැහැ. මම හරිහැටි නාඩිය අල්ල ගත්තේ නෑ. අධ්‍යක්ෂකවරයාට ස්වයං විචේචනයක් තිබිය යුතුයි. අධ්‍යක්ෂකවරයා මේ භූමිකාවේ ප්‍රධාන චරිතය. මේ ප්‍රධාන චරිතය අද රූකඩයක් වෙලා. ඔහු සිටින්නේ ඇක්ෂන් කට් කියන්න පමණක් වෙලා. එවැනි තත්ත්වයකට පත්වෙලා. අනෙක්පසින් රේටින් මාෆියාව තුළ මෙය තවත් විනාශ වෙනවා. රූපවාහිනී ආයතන වගේම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතන තුළිනුත් මෙය පාලනය කර ගැනීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. රේටින් කියන කාරණය මත නාට්‍යයක කොටස් ප්‍රමාණය තීරණය කරනවා. රේටින් ගන්න උපකරණ කොතරම් සීමිතද, මේ තුළ තිබෙන විනිවිදභාවය කෙබඳුද කියලා ප්‍රමිතියක් නැහැ. මම රේටින් කියන සරල කාරණය විශ්වාස කරන්නේ නෑ. කොහොම වුණත් මේ ක්ෂේත්රයේ විශාල අවගමනයක් තිබෙනවා. 1983 ඩි.බී නිහාල්සිංහයන්ගේ %දිමුතු මුතු^ වලින් තමයි ටෙලි නාට්‍ය ගමන ආරම්භ කළේ. අද වෙද්දි අවගමනයක් තියෙන්නේ. %පළිගුමැණිකේ^ වගේ නාට්‍යයක් ගත්තම 'පට් පට්' වැනි වචන තිබුණා. එය හුදු සරල වචන නෙමෙයි. එහි යටි අරුතක්, ගැඹුරක් තිබුණා. තවත් පළාතක තිබුණු උපසංස්කෘතියක් ගමට ආවම වෙන දේ තමයි එයින් කතා කළේ. නමුත් අද නිර්මාණකරුවාගෙන් එවැනි දේ වෙනවද කියන ප්රශ්නය තිබෙනවා. ගැටලු රැසක් ඇතිවෙලා ඛේදජනක තත්ත්වයක් තමයි මෙහි දකින්න තිබෙන්නේ. පවතින ටෙලි නාට්‍ය කලාව තුළ සියයට අසූවක ගුවන් කාලය ආවරණය කරන්නේ විදේශීය ටෙලි නාට්‍ය. අනෙක් සියයට විස්සත් අවරගණයේ අසංවිධිත නාට්‍යවල අනුකාරක රැල්ලක් තමයි පවතින්නේ. කලාවක් ලෙස ලොකු පිරිහීමක්. කර්මාන්තයක් ලෙස මුදල් උපයන මාර්ගයක් පමණක් වෙලා. මිනිසුන් මුදල් ඉපැයීමට මත්පැන්, මත්කුඩු විකුණනවා. ගණිකා වෘත්තියත් කරනවා. සමාජය විසින් බැහැර කරන, ප්‍රතික්ෂේප කරන දේවල් මුදල් ඉපැයීමට සිදුකරනවා. අද ටෙලි නාට්‍ය ක්ෂේත්රයට වෙලා තියෙන්නෙත් එවැන්නක්. පහසුවෙන් මුදල් උපයාගත හැකි මාධ්‍යයක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ තුළ සමාජයට ලැබෙන්නේ හරසුන් නිර්මාණයි.
ඔව්, මේ ක්ෂේත්රයට ප්රමිතිකරණයක් අවශ්‍යයි. චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩල විශාල ප්‍රමාණයක් ලංකාවේ පවතිනවා. බොහෝ මණ්ඩල පෞද්ගලිකයි. මේ පෞද්ගලික මණ්ඩලවල වුණත් කුමන ආකාරයක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්නත් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යයි. කිසිම විදේශීය චිත්‍රපටයක් හඬකවා ප්‍රදර්ශනය කරන්න හැකියාවක් නැහැ. එය ලබාගත් හොඳ තීරණයක්. නැත්නම් චිත්‍රපට ක්ෂේත්රයට අත්වෙන්නෙත් ටෙලි නාට්‍ය ක්ෂේත්රයට අත් වූ ඉරණමමයි. රැඟුම් පාලක මණ්ඩලය ප්‍රසංගයකදී පවා තමන්ගේ අවධානය යොමුකරන තත්ත්වයක් පෙන්වනවා නම් එක්කෝටි පනස් ලක්ෂයකට වඩා එක්රැයක බලන ටෙලි නාට්‍ය ගැන ඇයි අවධානය යොමු නොකරන්නේ. මේ තුළින් අනව්‍යශ්‍ය සියලු දේ නිවසේ ආලින්දයට පොම්ප වෙනවා. මේ තුළ ඒකාධිකාරයක්, මාෆියාවක් නිර්මාණය වෙලා තියෙනවා. දේශපාලන අධිකාරියේ බලපෑමකින් තොරව මේ සියලු දේ සමීක්ෂණය කළ හැකි නම් හොඳයි කියලා මම හිතනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනත සම්මත කරන විට ටෙලි නාට්‍ය කියන විෂය ධාරාව පැවතුණේ නැහැ. ඒ නිසා ටෙලි නාට්‍ය මෙයට ඇතුළත් වෙලා නැහැ. නමුත් ඒ කාලයේ තිබූ සංගීත ප්‍රසංග පවා ඇතුළත්ව තිබුණා. රැඟුම ්පාලක මණ්ඩල පනත සංශෝධනය කළ නොහැකියි. හැබැයි පරිච්චින්න කළ හැකියි. මෙය පරිච්චින්න කරලා ටෙලි නාට්‍ය, ගීත කලාව, වෙෙළඳ දැන්වීම් කලාව ඇතුළත් කළ යුතුයි. මේ සියල්ල එකට කළ නොහැකි නිසා මුලින් ටෙලි නාට්‍යවලින් මෙය ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. රැඟුම් පාලක මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් ඇති විය යුතුයි. 1993දී ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ආරම්භ කළා. එහි කැඳවුම්කරු ලෙසයි මම කටයුතු කළේ. එදා අපි අවිධිමත් වාරණයට එරෙහිවයි මෙම සංසදය ඇති කළේ. ඒ කාලේ නාට්‍යයක් විකාශය වෙනකොට දේශපාලන බලධාරීන්ට හිතුණොත් ඒ නාට්‍ය නවත්වනවා. නාට්‍ය වාරණය කළා. කොටස් සංස්කරණය කළා. අද අපි අරගල කරන්නේ වාරණයක් කරන්න කියලා. මේ කාලසීමාව තුළ පරිවර්තනයක් ඇතිව තිබෙනවා. රාජ්‍ය නාළිකාත්, පෞද්ගලික නාළිකා මඩ ගොහොරුවේම වැටිලා කටයුතු කරන තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ.
මේක වෙන්නේ මේ පාලන සමයේදී නෙමෙයි. ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයෙන් කරන ඉල්ලීමක් මත පසුගිය පාලන සමයේ තමයි මෙය ගෙන එන්නේ. එහිදී රුපියල් අනූදහසක බද්දක් අය කරනවා. පසුගිය පාලන සමයේදී ඒ බදු මුදල අය වුණා. වර්තමාන රජය තුළින් මේ බද්ද නිසි ලෙස අය වුණේ නැහැ. අපි ජනමාධ්‍ය අමාත්‍යාංශයට කිහිප වතාවක්ම පැමිණිලි කළා. සමහර නාළිකාවලින් විදේශීය ටෙලි නාට්‍ය කැසට්පට තොග පිටින් ගෙනාවා. මේ වනවිට මේ ව්‍යාපාරය සූදුවක් බවට පත්වෙලා තියෙනවා. පසුව එය හඬකවා ප්‍රේක්ෂකයන්ට පෙන්නනවා. එහි අන්තර්ගතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ළමයි කියන්නේ අනුකාරකවරුන්. ඔවුන් මෙය අනුකරණය කරනවා. ඒ නිසා මේ ගැන සිතිය යුතුයි. පසුගිය පාලන කාලයේ ගත් බදු මුදලවත් වර්තමානයේ ලැබුණේ නැහැ. පසුගිය අයවැය තුළදී රවි කරුණානායක තමයි මුදල් ඇමති ලෙස කටයුතු කළේ. එහිදී අපිට ඔහු පොරොන්දුවක් දුන්නා ලක්ෂතුන දක්වා මේ මුදල වැඩි කරනවා කියලා. එය නාළිකාවකට ලොකු මුදලක් නෙමෙයි. ඔවුන් දැන් මේ කුණු රහට හුරු වී අවසන්. අනුග්‍රාහක දැන්වීම්වලින් ඔවුන් මේ මුදල පහසුවෙන් ආවරණය කරගන්නවා. ලක්ෂතුනක් කරනවා කියලා පොරොන්දු වුණාට ව්‍යාජ මවාපෑමක් කරලා එක්ලක්ෂ පනස්දහස දක්වා වැඩි කළා. පසුගිය පාලන සමයේත්, මේ කාලයේත් මේ ප්‍රශ්නයට පැලැස්තර ඇලවීම පමණයි සිදුකළේ. පසුගිය පාලන සමයේ මේ ලබාගත් මුදල්වලින් %රන්මිණිතැන්න^ වගේ දේවල් නිර්මාණය වුණා. මම මේ දේශපාලන කාරණා නෙමෙයි කතා කරන්නේ. අද %රන්මිණිතැන්න^ කැලෑ වැදිලා. එහි නිර්මාණ කෙරෙන්නේ නැහැ.
ඉතා පැහැදිලිව. මගේ නිර්මාණ තුළත් දේශපාලනය තියෙනවා. ඒ වගේම මට නිදහස තියෙනවා, මම අදහන දේශපාලන මතයක් තිබෙනවා. ඒ මතය මත හිටියත් ඒ පක්ෂය තුළින් වරදක් වෙනවා නම් මම හඬනගලා තියෙනවා. එයට ඕනතරම් සාධක තිබෙනවා. මට ඔප්පු කරන්නත් පුළුවන්. පසුගිය පාලන සමය තුළ මෙගා ටෙලි නාට්‍ය පිළිබඳ විශාල සමුළුවක් පැවැත්වුවා. ලංකාවේ වැඩිම කලාකරුවන් ප්‍රමාණයක් එකම තැනක එකතු වුණා. ඒ වෙද්දි මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති. (2008/2009) ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡා කරනවා. අනිත්පසින් ස්වාධීන රූපවාහිනී සේවයේ අය සිටියා. මේ තුළින් වන ව්‍යසනය ගැන මම දිගින් දිගටම කතා කළා. ඇමතිවරු පගා ගන්නවා, රාජ්‍ය නාළිකාවල හරසුන් නාට්‍ය විකාශය කරනවා. රාජ්‍ය නාළිකා පූර්වාදර්ශයක් විය යුතුයිනේ. ඒ ගැනත් කතා කළා. ඒ වෙද්දි %කරුවලගෙදර^ කියන මගේ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරලා ඉවර වෙලා බොරැල්ලෙන් යනකොට බොරැල්ලේ තිබුණ %කරුවරගෙදර^ කටවුට් එක ගලවලා %ඉතිං ඊට පස්සේ% ටෙලි නාට්‍යයේ කටවුට් එකක් ගහලා තිබුණා. ඔවුන් පළිගත්තේ එහෙම. අපි දේශපාලනය කළාට මම වෙනුවෙන් නෙමෙයි ඒ දේවල් කළේ. මට ඒ නිසා වූ අලාභ ඉමහත්. දේශපාලනය නාට්‍යයකට අවශ්‍ය නැහැ. මගේ නාට්‍යයක් විකාශය කරගන්න මගේ දේශපාලනය භාවිත කරලා තියෙනවා නම්, ඇමති කෙනෙක් මාර්ගයෙන් හෝ කතා කරලා තියෙනවා නම්, නාළිකාවල කාට හෝ කියන්න පුළුවන්. මට ඒ අභියෝගය භාරගන්න පුළුවන්.
මගේ දේශපාලන භාවිතාව එකක්, කලා භාවිතාව එකක්. කලා භාවිතාවට වෙන අකටයුතුකම් ගැටලු විසදාගන්න මම දේශපාලනය භාවිත කරනවා. නිදහස් කලා සන්ධානයේ සභාපතිවරයා මමයි. ඒත් වැරදි වෙනුවෙන් කතා කරනවා. මේ පවතින රජයේ ජනමාධ්‍ය ඇමති සමග සාකච්ඡා කළා. සංස්කෘතික ඇමති සමග සාකච්ඡා කළා. ජනාධිපතිතුමා එක්ක මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් ඉල්ලුවා. අද වනතුරු ඒ දිනය ලැබුණේ නැහැ. නිදහස් කලා සන්ධානය කියන්නේ පක්ෂය සදහා පෙරමුණ ගන්න එකක් නෙවෙයි. නමුත් මහින්ද මහත්තයා සමග යම් ප්‍රමාණයක එක්රැස්වීමක් තිබුණා. මේ රජය බලයට පත්වෙන්න කතා කළ කලාකරුවන් අද නිහඬයි. ඒ කලාකරුවන් කළේ මොකක්ද කියන කාරණාව මට තේරෙන්නෙ නෑ. ඔවුන් කළේ කොන්ත්‍රාත්තුවක්ද කියලා හිතෙනවා. ජනාධිපතිතුමාට කොන්දේසි එකොළහක් සහිත කොළයක් ලබා දුන්නා. ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී ඒ සියල්ල කරනවා කියලා පොරොන්දු වුණා. අත්සන් කළා. නමුත් අද වනතුරු කිසිවක් සිදුවුණේ නැහැ. අද සංස්කෘතික අමාත්‍යාංශය තැන තැන එල්ලලා. හැඳුනුම්පත් කාරණාව සංස්කෘතික අමාත්‍යාංශවලට දීලා. මේ දේවල් අක්‍රීය වෙලා. අද කලාකරුවන් වරදාන, වරප්‍රසාද ගන්නවා. නමුත් ඔවුන් නිහඬයි. ධර්මසිරි බණ්ඩාරනායක මහතාට මේ විෂය පථය පිළිබඳ අත්දැකීම් තිබෙනවා. දැනුම තිබෙනවා. නමුත් ඇයි අක්රීයවෙලා ඉන්නේ. මේ කලාවේ අර්බුද වෙනුවෙන් කතා කරන්නේ නැත්තේ. ධර්මසිරි මහතා කාලයක් බහුජාතික සමාගම්වලට නිර්මාණ කරන්න එපා කියලා හඬනගපු කෙනෙක්. නමුත් මේ මොහොතේ ඔහු කරන භූමිකාව ගැන කලකිරීමක් තියෙනවා. සරත් විජේසූරිය මහත්තයා එක්ක මම නිර්මාණ කිහිපයක් කළා. ඔහුත් හඬනගපු කෙනෙක්. ඒත් අද නිහඬයි.
නිදුක් මදුෂික / ජායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd