මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනගෙන ඇති චිත්රපටයක් ලෙස Captain America: Civil War චිත්රපටය හැඳින්විය හැකිය. එයට හේතුව වන්නේ එහි ප්රචාරක පටවලින් ලබා දී ඇති ආකර්ෂණයයි. මෙහි අලුත් චරිතයක් වශයෙන් එක්ව ඇති නවක නිළියක් ලෙස එමිලි ඉරේන් වැන්කෑම්ප්ද මේ දිනවල යූ ටියුබ් සහ සමාජ වෙබ් අඩවිවල බොහෝ ජනප්රියත්වයට පත්ව සිටින්නීය. ඇගේ මේ ජනප්රියත්වය හේතුව හෙට (06දා) දිනයේ එළිදක්වන චිත්රපටය බව ඇතැමුන්ගේ අදහසයි. මේ සටහන ඇය පිළිබඳවය.
29 වැනි වියේ පසුවන ඇය කැනේඩියානු නිළියක වන අතර, ඇගේ ජනප්රියත්වය තරම් ඇය රංගනයෙන් දායක වූ චිත්රපට ජනප්රියත්වට පත්ව නැත. වැන්කෑම්ප් 2000 වර්ෂයේ Are You Afraid of the Dark රූපවාහිනී කතා මාලාවෙන් ක්ෂේත්රයට පිවිසි අතර, ඉන්පසු 2001 වර්ෂයේ Lost and Delirious චිත්රපටය සඳහා දායක විය. එම වසරේදී ඇය All Souls සහ Dice යන රූපවාහිනී කතාමාලා දෙක සඳහාද දායක විය. එහි ගිවිසුම් සමග ඇති වූ ප්රශ්නයක් හේතුවෙන් ඇය එම කතාමාලා දෙකෙන්ම අතරමගදී ඉවත් වී ඇති බව සඳහන් වෙයි.
2002 වර්ෂයේ දායක වූ No Good Deed චිත්රපටය සඳහා ප්රධාන චරිතයට රංගනයෙන් දායක වීමට ඇයට වරම් හිමි වූ අතර, No Good Deed චිත්රපටයෙන් පසුව ඇයට ABC රූපවාහිනී ආයතනය තුළ නිවේදිකාවක වශයෙන් කටයුතු කිරීමටද අවස්ථාව හිමි විය. 2002 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා ඇය Everwood නම් රූපවාහිනී කතාමාලා සඳහාද දායක වූවාය.
2004 වර්ෂයේදී A Different Loyalty නම් චිත්රපටය සඳහා දායක වූ ඇයට ඒ හේතුවෙන් ජාතිවාදී ප්රශ්නයකට මුහුණදීමට සිදු වූ බවද සඳහන් වෙයි. ඇයට විරුද්ධව එක් පාර්ශ්වයක් විසින් නඩුවක්ද ගොනුකර තිබූ බව සඳහන් වෙයි. එම චිත්රපටයේ අධ්යක්ෂවරයා විසින් එම නඩුවේදී ඇය වෙනුවෙන් සම්පූර්ණ වශයෙන් මුදල් වියදම බාරගෙන ඇති අතර, ඉන්පසු ඇය එම නඩු විභාගයෙන් නිදහස් කොට තිබේ. 2005 වර්ෂයේදී The Ring Two නම් චිත්රපටයක් සඳහා රංගනයෙන් දායක වූ අතර, 2007 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා චිත්රපට 07 ක් සඳහා රංගනයෙන් දායක වී ඇත. එමෙන්ම වැන්කෑම්ප් මේ වනවිට රූපවාහිනී කතාමාලා 14 ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.
2010 වර්ෂයේදී Norman සිනමාපටයේ ඇය කළ රංගනය වෙනුවෙන් Breckenridge Festival of Film සම්මාන රාත්රියේ Best Ensemble Cast ලෙසත්, San Diego Film Festival සම්මාන රාත්රියේදී Best Actress සම්මානයත් දිනාගැනීමටද ඇය සමත් වූවාය.