2015 බොලිවුඩ් දින දර්ශනය එළිදකී
බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙකු වූ දබ්බූ රත්නානි විසින් වසරක් පාසා එළිදක්වන බොලිවුඩ් නළු නිළියන්ගේ ඡායාරූප සහිත දින දර්ශනය මෙවරද එළිදැක්වීම පසුගියදා සිදුවිය.
'නළුනිළියන්ගේ සියලු කීර්තිය බිත්තියේ එල්ලී' යනුවෙන් සඳහන් කරන ඔහුගේ මෙම ඡායාරූප දින දර්ශනය සඳහා ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර්, වරුන් ධවාන්, බිපාෂා බාසු, ජැකලින් ෆර්නැන්ඩස්, අර්ජුන් රාම්පාල්, සොනක්ෂි සිංහා හා අභිෂේක් බච්චන් දායක වී ඇත. මෙහි විලාසිතා හා ස්වර්ණාභරණ නිර්මාණය ෆාරා ඛාන් අලිගෙනි.
බොලිවුඩ් තරු ඡායාරූප ශිල්පී දබ්බූ රත්නානි සමග පෙනී සිටින ඡායාරූප කිහිපයක්ද ට්විටර් හා සමාජජාල වෙබ්අඩවිවලට මුදාහැර ඇත.
මෙහිදී ජැක්ලින් තුවායක් ඇඳ සිටින ඡායාරූපයත්, බිපාෂා බාසු ඇගේ සරාගී ශරීරය පෙන්නුම් කරන ඡායාරූපයත් හා ශ්‍රද්ධා කපූර් විසින් අඩනිරුවතින් සිටින ඡායාරූපයත් විශේෂ ඡායාරූප බව දබ්බු රත්නානි පවසයි.
.gif)
.gif)
.gif)
.gif)
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

