ADA
www.ada.lk
2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා
1968 වසරේදී, බොස්ටන්හි උපත ලැබූ David Kracov පාසල් කාලයේ සිටම නැඹුරුව දක්වා ඇත්තේ කලා නිර්මාණ පිළිබඳ ඉගෙනගැනීමටය. Rhode Island නම් නිර්මාණ පාසල තුළින් ඔහු නිර්මාණ කලාව පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත. ඔහු සජීවීකරණ නිර්මාණ ශිල්පය පිළිබඳ අධ්‍යාපනය ලබා ඇති අතර, වෘත්තීයමය වශයෙන්ද ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියෙකු ලෙස සේවය කරයි. හොලිවුඩ් සිනමාවේ දැවැන්ත සිනමා නිර්මාණ ගොන්නක් වන ඩිස්නි ඇනිමේෂන් ඔහුගේ එක් නිර්මාණ පැතිකඩකි. ඊට අමතරව ලෝකයේ ආදරය දිනාගත් The Lion King සහ Alladin නම් ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණවල නිර්මාණ ශිල්පියාද ඔහුය.
ත්‍රිමාණ සජීවීකරණ හැකියාව සහ එහි ඉහළම සිටින ඔහු නිරන්තර වශයෙන් අත්හදා බැලීම් සිදු කිරීමට කැමැත්තක් ඇති කෙනෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වති. මේ කාරණාව හේතුවෙන්ම ඔහු මැටි භාවිත කරමින් මූර්තිද නිර්මාණය කර තිබේ. මැටියෙන් මූර්ති නිර්මාණ සඳහා ඔහු පෙළඹී ඇත්තේ තමන් චිත්‍රපට සඳහා නිර්මාණය කරන චරිත මැටියෙන් නිර්මාණ කළ පසු එය සජීවීකරණය කිරීමට පහසු වීම නිසාවෙනි.
පසුව මැටි මූර්ති නිර්මාණය අත්හරින ඔහු තෝරාගෙන ඇත්තේ ලෝහ වර්ගයි. ඩේවිඩ් ඒවා භාවිත කරමින් බිත්ති සැරසිලි සහ අලංකරණ නිර්මාණ ඉදිරිපත් කර තිබේ. ඇලුමිනියම් සහ සියුම් ලෙස ඔප දැමිය හැකි ලෝහ වර්ග භාවිතයෙන් සිදුකරන නිර්මාණ ප්‍රදර්ශන කරමින් ඔහුට සිය නිර්මාණ සඳහා වටිනාකමක් එක් කරගැනීමට හැකියාව ලැබී තිබේ. එක් නිර්මාණයක් තුළ නිර්මාණ ගොන්නක් තිබීම ඔහුගේ නිර්මාණවල ඇති අනන්‍යතාවකි. ඔහුගේ මෙම සංකල්පය ලෝකයේ බොහෝ දෙනෙකු අතර විශාල ජනප්‍රියත්වයකට පත්ව ඇති බව සඳහන් වෙයි. ඔහු මෙම නිර්මාණ සඳහා භාවිත කරන්නේ සමනලුන්ගේ හැඩයයි. එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ සමනලුන් විවිධ වර්ණවලින් නිර්මාණය කිරීමට හැකියාව තිබෙන හෙයින් එමගින් තමන්ගේ නිර්මාණය සඳහා විවිධ වර්ණ බොහෝ ප්‍රමාණයක් එක් කර ගැනීමට හැකියාව තිබෙන බවයි. ඒ ආකාරයෙන් එම නිර්මාණ බොහෝ දෙනා අතර ජනප්‍රිය කරගැනීමට ඔහුට හැකියාව ලැබෙන්නේ ඔහු පවත්වන ලබන ප්‍රදර්ශන හේතුවෙනි.
popular news
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට
රුවන්වැලිසෑයට ප්‍රහාරයක් එල්ලවන බවට 119ට ඇමතුමක්
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd