Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 28 වන අඟහරුවාදා
2023 මාර්තු මස 28 වන අඟහරුවාදා
මම ප්‍රවේගය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චිත්‍රපට 52 ක් සහාය අධ්‍යක්ෂණය කිරීමෙන් පසුවයි. මගේ බලාපොරොත්තුවක් තිබුණා පොඩි කාලෙ ඉඳලා සිංහල සිනමාවට ඇවිල්ලා චිත්‍රපට 50 ක් සහාය අධ්‍යක්ෂණය කරලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න.
ප්‍රවේගය තිරගත වෙන්න කලින් සිටම ඊට මාධ්‍යවේදීන්ගෙන් හා කලාකරුවන්ගෙන් ප්‍රසාදය ලැබිලා තියෙනවා. මම විශ්වාස කරනවා 'ප්‍රවේගය' ජනප්‍රිය සිනමාවේ මංසලකුණක් වේවි කියලා.
මම සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට 52 න් 35 ක් පමණ ජනප්‍රිය චිත්‍රපටයි. එනම් සටන් හා ගීතමය රංගන තිබෙන චිත්‍රපටයි. ඉතින් මගේ ඔළුවේ තිබුණෙත් එවැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ යුතුයි කියලයි. මොකද ප්‍රේක්ෂකයන් බලලා නිෂ්පාදකයාට මුදල් එනව නම් ඒක තමයි සාර්ථකත්වය වන්නේ. එහෙම නැතුව ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට යන්නේ නැති, චිත්‍රපට ශාලාවේ විදුලි බිලවත් ගෙවාගන්න ආදායමක් හොයාගන්න බැරි චිත්‍රපට කරලා ප්‍රේක්ෂකයා හා සිනමා ශාලා හිමියන් අමාරුවේ දාන්න බැහැ.අපි ටිකට්පතක් අරගෙන චිත්‍රපටයක් බලන්නේ වින්දනයක් ලබන්නයි. දැන් තියෙන දරිද්‍රතාවත් එක්ක පවුලේ අයත් සමග චිත්‍රපටයක් බලලා සතුටින් එළියට එන්නයි අවශ්‍ය. මටත් කරන්න ඕනි වුණේ එවැනි චිත්‍රපටයකුයි. මගෙ ඉදිරියටත් කරන්නෙ ප්‍රේක්ෂකයා සතුටු කරන චිත්‍රපටයි. අනික මට සම්මාන ගන්න චිත්‍රපට කරන්න ඕන නැහැ. මට සම්මාන ඕනම නැහැ. ප්‍රේක්ෂකයන් චිත්‍රපටය බලනවා නම් ඒක තමයි ලොකුම සම්මානය.
ඔව්, ඉන්දියාවේ ජනප්‍රිය දමිළ චිත්‍රපටයක් වන 'පුල්ලාදවන්' හි කතාව අරගෙන ලංකාවට ඔබින විදියට සකස් කරලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. මේ චිත්‍රපටය සඳහා මට සම අධ්‍යක්ෂණයෙන් ආර්. සරොව් සහාය වුණා. ඔහු ඉන්දීය ජාතිකයෙක්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කළේ ආර්. සදේෂ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්. සදේෂ් ගැන මේ වෙලේ යමක් කිවයුතුයි. ඔහු මීට පෙර නිෂ්පාදනය කළ 'සුපර් සික්ස්' චිත්‍රපටයෙන් කෝටි 08 ක් පාඩු ලබා නව චිත්‍රපට 04 ක් නිෂ්පාදනය කළා. සිංහල සිනමාවේ කෝටි 08 ක් පාඩු ලබලා තවත් කෝටි 20 ක් වැය කරලා යළිත් චිත්‍රපට 04 ක් නිෂ්පාදනය කළ අයෙක් මම මීට පෙර දැකලා නැහැ. මොහු සිංහල සිනමාවට තිබෙන ආදරය නිසයි චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙ. ඔවුන් පියා වන කේ.ටී. රාජ් චිත්‍රපට නිෂ්පාදනය කර තිබෙනවා. පියා වගේම සදේශ් සහ ශ්රීමතිත් සිංහල සිනමාවට ආදරය කරන යුවළක්. මම දවසක් සදේශ්ගෙන් ඇහුවා ඇයි සදේෂ් කෝටි 08 ක් පාඩුවෙලා තියෙද්දිත් තව චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙ, සාමාන්‍යයෙන් කරන්නෙ එකක් කරලා ලාභ ලැබුණොත් තව එකක් කරන එකනෙ කියලා. එවිට ඔහු කිව්වා "මම සිංහල සිනමාවට ආදරෙයි. ඒ නිසයි මම කොතරම් පාඩු වුණත් යළි යළිත් චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙ" යනුවෙන්.
මම ඔහුගෙන් ඇහුවා "ඔය සල්ලි ස්ථාවර තැන්පතුවක දාගත්ත නම් ලොකු ආදායමක් ලබන්න තිබුණානෙ" කියලා. එවිට ඔහු හිනාවෙලා කියනවා "ස්ථාවර තැන්පතුවක් දාලා ආදායමක් ලබන එකෙන් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා ලබන සතුට ජීවිත කාලෙම ලබන්න බැහැ. ඒ නිසා කෙතරම් පාඩු ලැබුවත් ඉදිරියටත් චිත්‍රපට නිෂ්පාදනය කරනවා" කියලා.
ප්‍රවේගය චිත්‍රපටයේ සටන් දර්ශන සියල්ල කළේ ඉන්දියාවේ. මේ දර්ශන අපට ලංකාවේ කරන්න තිබුණා. ලංකාවේ ලක්ෂ 10 - 15 දීලා කරන්න තිබුණ වැඩේ ඉන්දියාවේදී ලක්ෂ 90 ක් දීලා කරන්න ඔහු මැලි වුණේ නැහැ.
ප්‍රවේගය චිත්‍රපටියට අපේ ප්‍රවීණ නළු නිළියන් වන සනත් ගුණතිලක, ජැක්සන් ඇන්තනී, ජයලත් මනෝරත්න, රන්ජන් රාමනායක, මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, මොරින් චාරුනි, දමිතා අබේරත්න ආදී විශාල පිරිසක් දායක කරගත්තා. ඒ වගේම ප්‍ර‘වේගය හරහා සිංහල සිනමාවට ආකර්ෂණීය ප්‍රධාන නළුවෙක් බිහිවෙනවා. ඒ හේමාල් රණසිංහයි. ඒ වගේම සිංහල සිනමාවට අලුත්ම නිළියකුත් හඳුන්වාදීම සිදුවෙනවා. ඒ උදාරි පෙරේරා යි.
මම සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට හරහාත් නවක නළු නිළියන් හඳුන්වාදීම සිදුවුණා. උදාහරණයක් ලෙස 'අංජලිකා' චිත්‍රපටයෙන් පූජා උමා ශංකර්, 'රෝස කැලේ' චිත්‍රපටයෙන් මොනිකා මරුතිරාජ්, 'රෝස වසන්තය' චිත්‍රපටයෙන් නිසංසලා ජයතුංග, 'ආදරණීය වස්සානය' චිත්‍රපටයෙන් චතුරිකා පීරිස්, 'පායා එන්න හිරු සේ' චිත්‍රපටයෙන් උදාරි වර්ණකුලසූරිය ආදී වශයෙන් දැක්විය හැකියි.
ඉදිරියේදී හේමාල් - උදාරි යුගයක් බිහි වේවි. ඒ වගේම 'ප්‍රවේගය' චිත්‍රපටයේ කාර්මික ශිල්පීන් හා නළු නිළියන් එක පවුලේ අය විදිහට තමයි නිර්මාණයට දායක වුණේ. මට හිතෙනවා මේ නිර්මාණය අද සිට ප්‍රේක්ෂකයන් වැලඳගනීවි කියලා.
නැහැ. චිත්‍රපට නිෂ්පාදයකයි, මමයි, සරොව් යන තිදෙනාම එක්වෙලා තමයි චිත්‍රපටය සැලසුම් කළේ. සටන් ජවනිකා ගත්තොත් ඒ හරහා ආකර්ෂණීය දෙයක් දෙන්න අපට අවශ්‍ය වුණා. ප්‍රවේගය හරහා ප්‍රේක්ෂකයන් දකින්නෙ වෙනස් සටන් ජවනිකායි. ඒ වෙනසට ප්‍රේක්ෂකයන් කැමති බව මේ වනවිට සිනමාව නැරඹූ නළු නිළියන්, ගායක ගායිකාවන්, මාධ්‍ය‘වේදීන් පැවසුවා. නිහාල් නෙල්සන් පැවසුවා 'ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපටයක් බැලුවා වගේ' කියලා. නන්දා මාලිනී මහත්මිය පැවසුවා 'හොඳ නළුවෙක් බිහිවෙලා තියෙනවා' කියලා. ඒ වගේම බොහෝ අය ගොඩක් වෙනස් විදියට තමයි මේ චිත්‍රපටය දකින්නෙ. මේක තමයි ජනප්‍රිය සිනමාව කියන්නෙ කියලා ගොඩක් අය කියනවා. මෙය ඉදිරියේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළෙන් හඬකවා ප්‍රදර්ශනය කිරීමටත් අපි සූදානමෙන් සිටිනවා.
ඔව්, ඔහු දන්නෙ නැහැනෙ ලංකාවට අවශ්‍ය දේ. ඔහුගේ ශෛලියේ යම් යම් දේ මීට ඇතුළත්ව ඇති. හැබැයි අපට ඕන දර්ශන තල අපට ඕනි නළු නිළියෝ තමයි අරගත්තෙ. සරොව්ගෙන් ලොකු සහායක් මට ලැබුණා. දෙමළ චිත්‍රපට වරින් වර බලමින් මේ දර්ශනයට මේ වගේ හැඩයක් දෙමුද ආදී ලෙසින් ඔහු මා සමග නිරන්තර සාකච්ඡාවක නියැළී සිටියා.
හේමාල් මම අවුරුදු 15 ක් තිස්සේ දන්නවා. ඔහු මා සහාය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක ඔඩිෂන් සඳහා ඇවිත් තියෙනවා. ඒ වගේම 'සුපර් සික්ස්' චිත්‍රපටයේත් ඔහු චරිතයක් කළා. ඊටපස්සෙ මම ඔහු ප්‍රවේගය සඳහා යොදාගත යුතුයි කියලා තීරණය කළා. මේ සිනමා පටයෙන් පසුව මා සහාය අධ්‍යක්ෂණය කළ 'ආදරයට ආදරයෙන්' හා 'ආදරණීය කතාවක්' යන චිත්‍රපට දෙක සඳහාත් ඔහු ප්‍රධාන චරිතයට සම්බන්ධ කරගත්තා.
ප්‍රවේගය හරහා ආකර්ෂණීය ජවසම්පන්න නළුවෙක් බිහිවෙනවා. හේමාල්ට මේ වනවිටත් ලොකු ආකර්ෂණයක් තිබෙනවා. මිනිස්සු මගෙන් අහනවා කවද්ද මේ චිත්‍රපටය එන්නෙ කියලා. මීට පෙර ප්රේක්ෂකයො මගෙන් ඔවැනි දෙයක් අහලා නැහැ. ඉදිරි කාලයේදී හේමාල් නව පරපුරේ වීරයෙක් වේවි. ආකර්ෂණීය නළුවෙක් වේවි.
උදාරි කියන්නෙ ගුවන් සේවිකාවක්. නිෂ්පාදකවරු තමයි මට කිව්වේ ඇයව මේ චරිතය සඳහා දාලා බලමු කියලා. ඇය නවක වුණත් දක්ෂතා තියෙන රංගන ශිල්පිනියක්. මම හිතනවා ඇයත් ඉදිරියේදී සිංහල සිනමාවේ ජනප්‍රිය නිළියක් බවට පත්වේවි.
නැහැ, මේ චිත්‍රපටයෙන් පස්සෙ තවත් චිත්‍රපට 05 ක සහාය අධ්‍යක්ෂණය කටයුතු කිරීමට මම බාරගත්තා. ඉදිරියේදී අධ්යක්ෂවරයා කියන භූමිකාවට වඩා සහාය අධ්යක්ෂවරයා කියන භූමිකාව තුළ තමයි මාව වැඩිපුර දකින්න ලැබෙන්නෙ.
මම අධ්යක්ෂවරයා වුණොත් එතැන මම විතරයි ඉන්නෙ. හැබැයි මම සහාය අධ්යක්ෂවරයා වුණොත් චිත්‍රපට 05කදි අධ්යක්ෂවරුන් පස්දෙනෙක් සමග වැඩ කරන්න ලැබෙනවා. ඒ හරහා මට ඔවුන්ගෙන් නිර්මාණශීලිත්වයෙන් ගතයුතු දේ ගන්න පුළුවන් වෙනවා.
බොහෝ ප්‍රකට සිනමා අධ්යක්ෂවරුවන්ගේ පළමු සිනමාපටයේ සහාය අධ්යක්ෂ වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස උදයකාන්ත වර්ණසූරියගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය හා ඔහුගේ චිත්‍රපට 20 ක් සහාය අධ්‍යක්ෂණය කළා. ඒ වගේම රන්ජන් රාමනායගේ පළමු චිත්‍රපටයේ, චන්න පෙරේරාගේ පළමු චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය වුණේ මමයි. ඒ සෑම චිත්‍රපටයක්ම හිට් වෙලා තිබෙනවා. ඉදිරියේදී නව පරපුරේ අධ්යක්ෂවරුන් සමග කටයුතු කිරීමට ලැබුණොත් මම සතුටු වෙනවා. මොකද ඒ හරහා මටත් ලොකු පන්නරයක් ලැබෙනවා. මම ජීවත්වෙලා හිටියොත් චිත්‍රපට 100 ක් සහාය අධ්‍යක්ෂණය කරනවා. ඒකට තමයි මම කැමති. කොහොම වුණත් ඉදිරියේදී මම අධ්‍යක්ෂණය කළ 'මායා' සිනමා පටයත් ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.
ප්‍රවේගය අනිවාර්යයෙන්ම ලාභ ලබන චිත්‍රපටයක්. මම විශ්වාස කරනවා චිත්‍රපටය මේ වනවිටත් ලාභ ලබලා ඉවරයි කියලා. මොකද මේ වනවිටත් ලැබෙන ප්‍රේක්ෂක හා චිත්‍රපට ශාලා හිමියන්ගේ ඉල්ලීම් අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේක EAP මණ්ඩලයේ ප්‍රදර්ශනය වුණත්, වෙනත් ප්‍රදර්ශන මණ්ඩලවල අයත් මේක ප්‍රින්ට් ගහගෙන ප්‍රදර්ශනය කරන්න දෙන්න කියලා ඉල්ලනවා. එතරම් හොඳ ප්‍රතිචාරයක් ප්‍රදර්ශනය අරඹන දිනයේදීම 'ප්‍රවේගය' ට තිබෙනවා. 'ප්‍ර'වේගය' ජනප්‍රිය සිනමාවේ මංසලකුණක් වේවි. ඒ වගේම අදින් පස්සෙ හේමාල් - උදාරි යුගයක් බිහිවේවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd