එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමීනා ජේ. මොහොමඩ්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල විසින් තෑගි කරන ලද මුඛ ආවරණයක් පැලඳ සිටින අයුරු දැකගත හැකිවිය.
හයිඩ්‍රාමනී හරිත ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි තිරසාර හා පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් සාදන ලද මෙම මුඛ ආවරණය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා 100% කැපවීමක් පෙන්නුම් කරන අතර, එය හයිඩ්‍රාමනී තිරසාර උපාය මාර්ගයේ මූලික සන්ධිස්ථානයක් බවද ඔවුන් කියයි.
අමිනා ජේ. මොහොමඩ් නයිජීරියානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු සහ දේශපාලඥයෙකු වූ අතර, ඇය එක්සත් ජාතීන්ගේ පස්වැනි නියෝජ්‍ය මහලේකම්වරිය ලෙස සේවය කරයි. මීට පෙර ඇය 2015 සිට 2016 දක්වා නයිජීරියානු පරිසර අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය.