ශ්රී ලංකා ප්රාග්ධන වෙළෙඳපොළ මහා බුද්ධි සංග්රාමය නිමාව දකියි
ශ්රී ලංකා ආයතනික ක්ෂේත්රයේ විශාලතම ප්රාග්ධන වෙළෙඳපොළ දැනුම මිනුම තරගාවලිය වන 'CSE Masterminds Quiz 2026' 8 වන අදියර, කොළඹ ෂැන්ග්රි-ලා හෝටල් පරිශ්රයේදී උත්කර්ෂවත් ලෙස නිමාවට පත්විය. කොළඹ කොටස් හුවමාරුව (CSE) මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා මෙරට ප්රමුඛ පෙළේ ආයතනික කණ්ඩායම් 100ක් එක්වූ අතර, එහිදී රුපියල් මිලියන 5ක් වටිනා තෑගි සහ ත්යාග පිරිනමන ලදී.
දේශීය හා ගෝලීය ප්රාග්ධන වෙළෙඳපොළ, ශ්රී ලංකා ආර්ථිකය හා ව්යාපාරික ක්ෂේත්රය, සාමාන්ය දැනීම, ක්රීඩා, විනෝදාස්වාදය මෙන්ම වත්මන් තොරතුරු ආවරණය වන පරිදි සැකසුණු ප්රශ්නාවලියක් හමුවේ තරගකරුවෝ සිය දැනුම උරගා බැලූහ.
තරගාවලියේ වර්ධනය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවේ ප්රධාන විධායක නිලධාරී රාජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින්, "2017 වසරේදී කොළඹ කොටස් හුවමාරුවේ Trading Floor තුළ ආයතනික කණ්ඩායම් කිහිපයකගේ සහභාගීත්වයෙන් අප ආරම්භ කළ මෙම ගමන මෙතරම් විශාල දුරක් පැමිණෙනු ඇතැයි එදා අප සිතුවේ නැහැ. අද වනවිට අදියර 8ක් සාර්ථකව නිමා කරමින්, CSE Masterminds යනු ශ්රී ලංකාවේ ප්රමුඛතම ප්රාග්ධන වෙළෙඳපොළ දැනුම තරගාවලිය මෙන්ම, CSE වාර්ෂික කැලෑන්ඩරයේ විශේෂිතම අංගයක් බවට පත්ව තිබෙනවා" යැයි පැවසීය.
මෙවර තරගාවලියේ ජයග්රාහකයින් වෙනුවෙන් වෙන් කර තිබූ තෑගි මුදල් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබිණි. එහිදී සමස්ත ශූරතාව හිමිකර ගැනීමට ZeroBeta (පුද්.) සමාගම සමත් වූ අතර, ඔවුහු රු.මිලියන 1.5ක ත්යාග මුදලක් සහ ෂැන්ග්රි-ලා හෝටලයේ වවුචර දිනාගැනීමට සමත් වූහ.
පළමු අනුශූරතාව : HNB ස්ටොක්බ්රෝකර්ස් (පුද්.) සමාගම (රු.750,000ක ත්යාග මුදලක්)
දෙවන අනුශූරතාව : ජෝන් කීල්ස් ස්ටොක් බ්රෝකර්ස් (පුද්.) සමාගම (රු.375,000ක ත්යාග මුදලක්)
සමස්ත ශූරතාවට අමතරව, HNB ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් (පුද්.) සමාගමේ අනුග්රහයෙන් ක්ෂේත්ර 9ක් යටතේ විශේෂ ක්ෂේත්ර සම්මාන (Sector Awards) පිරිනැමූ අතර, අදාළ ක්ෂේත්රයන් හි ජයග්රහණ හිමිකරගත් ආයතන මෙසේය.
බැංකු ක්ෂේත්රය : ශ්රී ලංකා මහ බැංකුව - 1 කණ්ඩායම
කල්බදු සහ මුදල් ක්ෂේත්රය : පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People's Leasing & Finance PLC)
කොටස් බ්රෝකර් ක්ෂේත්රය: HNB ස්ටොක්බ්රෝකර්ස් (පුද්.) සමාගම
අරමුදල් කළමනාකරණ ක්ෂේත්රය : NDB වෙල්ත් මැනේජ්මන්ට් ලිමිටඩ් - 1 කණ්ඩායම
රක්ෂණ ක්ෂේත්රය : සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්
දුරකථන සංනිවේදන සහ තාක්ෂණ ක්ෂේත්රය : Zero Beta (පුද්.) සමාගම
සේවා ක්ෂේත්රය : නිත්ය පාට්නර්ස් - 2 කණ්ඩායම
නිෂ්පාදන ක්ෂේත්රය : InQube Global (පුද්.) සමාගම
විවිධාංගීකරණය වූ ක්ෂේත්රය : LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී - 1 කණ්ඩායම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

