කොවිඩ්-19 වසංතගතයට එරෙහිව ශ්‍රී ලංකාව සිදුකරන සටනට දායකවීම පිණිස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වෙත පුද්ගල ආරක්ෂණ උපකරණ (පීපීඊ) සහ අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාගයක් ලබාදීම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අතින් අද (08දා) සිදුවිය.
කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී යොදාගනු ලබන ඕල් ඔෆ් ඇමෙරිකා එලැඹුමේ කොටසක් වශයෙන් ලබාදී ඇති මෙම පරිත්‍යාගය මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිවන හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවේ සූදානම වඩාත් ශක්තිමත් කරනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම පරිත්‍යාගය සඳහා අරමුදල් සම්පාදනය කර ඇති අතර, මුඛ ආවරණ, ආරක්ෂික ඇස් ආවරණ, හිස්වැසුම් සහිත ආරක්ෂිත ඇඟලුම් 48,000කට අධික ප්‍රමාණයක් ඊට ඇතුළත් වෙයි. කොවිඩ්-19 හි ආර්ථික බලපෑම්වලට නතුව ප්රකෘත්තිමත් තත්ත්වයට ළඟාවෙමින් සිටින ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට සහයෝගය ලබාදෙනු වස් මේ සියලු උපකරණ ශ්‍රී ලංකාවෙන්ම මිලදී ගත් බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.