ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25හිම වෙසෙන ආ.පො.ස. උසස් පෙළ සිසුන් 150ක් සඳහා 2017-18 වර්ෂයන් සඳහා වූ මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුව තිබේ.
බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුවිය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රධානත්වයෙන් සහ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අතින් ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුව ඇති අතර, මෙය ශ්‍රී ලාංකේය සිසුන්ට මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව පිරිනමන 12 වැනි වසර බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.