ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලොව පුරා ඉස්ලාම් භක්තිකයන්ගේ වන්දනා චාරිකාවක් වන හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන පළමු වැනි කණ්ඩායම හරසරින් පිළිගැනීම පසුගියදා සිදුව තිබුණි.
ඒ අනුව, එම පිරිස අගෝස්තු මස 7 වැනි දින UL281 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මක්කම වෙත පිටතව ගොස් ඇත්තේ අමානාත් ට්‍රැවල් සංචාරක නියෝජිත ආයතනය හරහාය.
එහිදී, 69 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් කොළඹ සිට ජෙඩා දක්වා පිටත්ව යාමට බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපොළට පැමිණි සිටි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට රටවල් 48ක ගමනාන්ත 114ක් වෙත සිය ගුවන් ගමන් ජාලය පුළුල් කර ඇති අතර, වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයක් වශයෙන් එහි පාර්ශ්ව ගුවන් සේවා හා එක්ව රටවල් 160ක ගමනාන්ත 1,000ක් දක්වා සිය ගුවන් ගමන් සිදුකරනු ලබයි.