තම කුසලතා සමග රටේ සංවර්ධනයට දායකවීම සඳහා ව්‍යවසායිකාවන්ට නව අවස්ථා රැසක් උදාවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන 2018 අගෝස්තු 04දා කොළඹදී පැවති 'වසරේ ව්යවයසායිකාව' සම්මාන උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහි වැඩිදුරටත් සඳහන් වූයේය.
"කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව විශාල දුරක් පැමිණ තිබෙනවා. ක්‍රමයෙන් දියුණු වන ආර්ථිකය සහ තිරසාර සංවර්ධනය ඉලක්ක කරගත් ශක්තිමත් ආර්ථික සැලසුම් නිසා ජනතාවගේ ජීවිත සහ ඔවුන්ගේ සමාජයීය භූමිකාවන් වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. මේ නිසා තම කුසලතා සමග රටේ සංවර්ධනයට දායකවීම සඳහා ව්‍යවසායිකාවන්ට නව අවස්ථා රැසක් උදාවී තිබෙනවා.
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතම උත්සවය වන, වසර දෙකකට වරක් පවත්වනු ලබන මෙම සම්මාන උළෙලෙහි අරමුණ වන්නේ ලෝකය වෙනස් කිරීමට දායක වූ ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කිරීමයි. ව්‍යාපාරික ලෝකය තුළ කාන්තාවන් තැබූ ඉදිරි පියවර සහ රටේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ක්‍රමක්‍රමයෙන් පුළුල් වීම ඇගයීම සඳහා සංවිධානය කෙරෙන සුවිශේෂී ඉසව්වක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන්. එමෙන්ම එය තම ව්‍යාපාර දියුණු කරගැනීමට සහ අනෙකුත් කාන්තාවට ආදර්ශයක් වීමට කාන්තාවන් සවිබල ගන්වනවා."
'වසරේ ව්යවසායිකව' සම්මාන උළෙල යනු කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ප්‍රමුඛතම උත්සවයක් බව ඔවුහු පවසති. එහි අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්රයේ විශිෂ්ටතම කාන්තාවන් ඇගයීමට ලක්කිරීමය. තම ව්‍යාපාර වැඩිදියුණු කරමින් විශිෂ්ට පරිචයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා මෙම සම්මාන උළෙල ව්‍යවසායිකාවන් දිරිගන්වන බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම උත්සවයේ ගරු ආරාධිතයා වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ පණිවිඩයේ දැක්වුණේ, "රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයේ ව්‍යාපාර අතරින් 10%ක පමණ හිමිකාරීත්වය දරනු ලබන්නේ කාන්තාවන් විසිනුයි. මේ ක්ෂේත්රයට මූල්‍ය, අලෙවිකරණ සහ වෙනත් පහසුකම් සපයමින් එකී ව්‍යාපාර දියුණු කිරීමට රජය උත්සාහ කරනවා. කාන්තා සේවායෝජනය වැඩිකිරීම සඳහා කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම, රජයේ මානව සම්පත් සහ සේවායෝජන ප්‍රතිපත්තියටද ඇතුළත් වී තිබෙනවා. බොහෝ කාන්තාවන් ජීවිතයේ යම් අවස්ථාවකදී විධිමත් රැකියා ක්ෂේත්රයෙන් ඉවත් වී ගෙදරදොර වගකීම් වෙත යොමුවන අතර ඔවුන් ඉන්පසු ගෘහණියන් ලෙසම කටයුතු කිරීමේ ඉඩකඩ වැඩිවෙනවා. එහෙත් ව්‍යවසායකත්ව කටයුතු මගින් ඔවුන්ට තම පවුලේ වගකීම් ඉටුකරන අතරම ආදායම් උපයන ක්‍රියාකාරකම්වල නිරතවීම සඳහා අවස්ථාව හිමිවෙනවා" යනුවෙනි.
1985 වසරේදී ආරම්භ කර ඇති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය මෙරට එකම කාන්තා වාණිජ මණ්ඩලයයි. ලාභ නොලබන සංවිධානයක් වන මෙය, ග්‍රාමීය හා නාගරික කාන්තාවන් වෙනුවෙන් අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටු වීමටත්, ඔවුන්ගෙන් රටේ සංවර්ධනයට ලැබෙන දායකත්වය පුළුල් කිරීමටත් විවිධාකාරයෙන් කටයුතු කරයි.
මෙම වසරේ සම්මාන උළෙලේදී දිවයිනේ විවිධ පළාත් නියෝජනය වන පරිදි ව්‍යවසායිකාවන් 21 දෙනෙකු සම්මානයෙන් පිදුම් ලබා තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ සභාපතිනිය වන චතුරි රණසිංහ මහත්මිය, "තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරමින් සාර්ථක ව්‍යවසායිකාවන් බවට පත්වන කාන්තාවන් සංඛ්‍යාවේ පැහැදිලි වැඩිවීමක් අප පසුගිය වසර කිහිපය තුළ දුටුවා. මෙය ඉතාම යහපත් ප්‍රවණතාවක්. තවතවත් කාන්තාවන් මේ ආදර්ශය අනුගමනය කරනු දැකීම අපගේ ඉලක්කයයි. මේ සම්මාන මගින් අපට එම කාන්තාවන් අතරින් විශිෂ්ටතම ප්‍රගතියක් පෙන්නුම් කළ කාන්තාවන් ඇගයීමටත්, රටේ ව්‍යාපාර ක්ෂේත්රය නව මානයන් වෙත රැගෙන යාමට ඔවුන් දිරිගැන්වීමටත්, ඒ වගේම අනාගත ව්‍යවසායිකාවන්ට ආදර්ශයක් සැපයීමට ඔවුන්ට අවස්ථාව ලබාදීමටත් හැකියාව ලැබෙනවා" යැයි පවසා සිටියාය.