ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ව්‍යවසායකත්ව කළමනාකාරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
සිය ව්‍යාපාර ප්‍රවර්ධන සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණු පෙරදැරිව මෙම පාඨමාලාව ඉදිරිපත් කෙරෙන බව ඔවුහු පවසති. විශේෂයෙන්ම, ව්‍යවසායකත්වය පිළිබඳව සමාජය තුළ විවිධ මත පළවන බවත්, එම සංකල්පය පිළිබඳව නිසි දැනීමක් සහ ඇගයීමක් නොමැති බවත් ජාතික වාණිජ මණ්ඩලයේ අදහස වී තිබේ. මෙම තත්ත්වයේ ඌණ පූරණයක් ලෙස මෙම නව ව්‍යවසායකත්ව ප්‍රවර්ධන පාඨමාලාව හඳුන්වාදෙනු ලබන්නේ යැයි ඔවුහු පවසති.
මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්, කළමනාකාරුවන්, සේවකයන් සහ ව්‍යාපාර ක්ෂේත්රයට අලුතින් ඇතුළුවීමට කැමති අය සඳහා ප්‍රයෝජනවත් වන අයුරින් සකසා ඇති බව පෙන්වා දෙයි. මෙහිදී, විෂයය පථය තුළින් ව්‍යාපාර ප්‍රතිපත්ති, ව්‍යාපාර ආයතන තුළ කණ්ඩායම් හැඟීම වර්ධනය, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ගිණුම්කරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය, කළමනාකරණ ශ්‍රිතයන්, අලෙවිකරණ ශ්‍රිතයන්, ව්‍යාපෘති කළමනාකරණය, නායකත්වය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා නීතිමය පසුබිම, සන්නිවේදන හැකියා වර්ධනය, ව්‍යවසායකත්වය ආදිය ආවරණය කෙරෙන බවද ඔවුහු පවසති.
මෙය සති අන්ත පාඨමාලාවක් ලෙස ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ප්‍රවීණ විද්වත් දේශකයන් පිරිසක් සම්පත් දායකයන් ලෙස ඊට සහභාගී කරවා ගැනීමට නියමිත බවද ඔවුහු පෙන්වා දෙති. 2018 වර්ෂයේ අවසන් කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාව සඳහා 2018 සැප්තැම්බර් මස 10 වැනි දිනට පෙර ලියාපදිංචි වීමට [email protected] සහ [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ හෝ 011-4741788 යන දුරකථන අංකය ඔස්සේ තනූෂා ඇමතීමෙන් ලබාගත හැකිය.