කොවිඩ්-19 වසංගතයේ බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාවෙහි ආර්ථිකය යථාවත් කිරීමට සහාය පළ කරමින්, ඔස්ට්‍රේලියානු රජයේ ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව (BPP) යටතේ හවුල්කාරීත්වයන් දෙකක් ආරම්භ කිරීමට මෙරට ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ඇමෙන්ඩා ජුවෙල් මහත්මිය කටයුතු කර තිබේ.
ව්‍යාපාරික හවුල්කාරීත්ව වේදිකාව යනු ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රධානතම වැඩපිළිවෙළකි. තිරසාර ආර්ථික වර්ධනයට සහ දිළිඳු බව අවම කිරීමට මෙන්ම, හවුල්කාරීත්වයන්ගෙන් යුතු ව්‍යාපාරවලට වාණිජ ප්රතිලාභ අත්පත් කරගැනීමටද එමගින් සහාය පළ කරන බව කියයි.