ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (VTA) නව සභාපතිවරයා ලෙස නීතීඥ රවි ජයවර්ධන මහතා යළිත් පත්කර ඇති අතර, ඒ මහතා පසුගිය 20දා සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
මීට පෙරද මාස කිහිපයක් VTA සභාපතී ධුරය හෙබවූ ඒ මහතා, ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු රාජ්ය ආයතන කිහිපයක රාජකාරී කටයුතු ඉටුකළ අයෙකි.
නව තනතුරේ වැඩ භාර ගනිමින් වෘත්තීය පුහුණු අධිකාරිය නව මුහුණුවරකින් සමාජගත කිරීමටත්, වර්තමාන ශ්රී ලංකාවේ තරුණ තරුණියන්ට නව මුහුණුවරකින් වෘත්තීය පුහුණුව ලබාදීමටත්, තරුණ තරුණියන්ගේ විරැකියාව දුරලමින් නිපුණ වෘත්තිකයන් බිහිකිරිම සඳහාත්, මීට පෙර ක්රියාත්මක කිරීමට සැලසුම් සකස් කර තිබූ ආකාරයට එතැන් සිට එම සැලසුම් ක්රියාත්මක කරන බවත් හෙතෙම පවසා සිටියේය.