2016 රජයේ අයවැය මගින් යෝජනා කරනලද ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ්, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76එෆ් වගන්තිය සමග කියවිය යුතු 9(9) වගන්තියේ නියෝග ප්‍රකාරව, ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත නිකුත් කර ඇති බලපත්‍රය 2019 අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, 2019 අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි සියලුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කරගෙන ඒකාබද්ධ කරනලද අතර, ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් විසින් පවත්වාගෙන යන ලද සියලු බැංකු ව්‍යාපාර කටයුතු ප්‍රදේශීය සංවර්ධන බැංකුව විසින් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 76සී වගන්තිය ප්‍රකාරව 4 වැනි උපලේඛනයේ නිශ්චිතව සඳහන් කර ඇති බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ලංකාපුත්‍ර ඩිවෙලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත ලබාදී තිබූ බලපත්‍රය 2019 අප්‍රේල් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කර ඇත.