රැකියා සඳහා නෙදර්ලන්තය රැකියා වීසා නිකුත් කරන්නේ නෑ
නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා පොරොන්දු වෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමඟ යවන බවට තොරතුරු සිය අවධානයට යොමු වී ඇති බව නෙදර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව, ඇතමුන් දැනටමත් එවැනි ජාවාරම්වල ගොදුරු බවට පත්ව ඇති බව තානාපති කාර්යාලයට වැටහී ඇති බවත්, නෙදර්ලන්ත ආගමන සේවාවේ යැයි හැඟවෙන අයුරින් සැකසූ ව්‍යාජ ලිපි ද ඒ අතර සංසරණය වෙමින් පවතින් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
සෑම ආකාරයකම රැකියා සඳහා නෙදර්ලන්තය රැකියා වීසා නිකුත් නොකර බවත්, සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක්, උදාහරණයක් ලෙස උසස් නිපුණතා සහිත උසස් තාක්ෂණ රැකියා සඳහා පමණක් සැබෑ රැකියා අවස්ථා තිබිය හැකි බවත්, සෙසු සියල්ලම ව්‍යාජ විය හැකි බවත් තානාපති කාර්යාලය අවධාරණය කරයි.
ඒ අනුව, නෙදර්ලන්ත තානාපති කාර්යාලය, නෙදර්ලන්තයේ රැකියා සඳහා කිසිදු බඳවා ගැනීමක් සඳහා පහසුකම් සපයන්නේ නැති බවත්, විවිධ පාර්ශ්වයන් විසින් ලබාදෙන රැකියා අවස්ථා පිළිබඳව, කිසිදු ආකාරයක මූල්‍යමය බැඳීමක් ඇති කර ගැනීමට පෙර අදාල සේවායෝජකයින් වෙතින් සෘජුවම පරීක්ෂා කරන ලෙසත්, එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වහාම අවශ්‍ය නීති සහාය ලබාගන්නා ලෙසත් නෙදර්ලන්ත තානාපති කාර්යාලය වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
