රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 40 වැනි ඔසුසල ආණමඩුව නගරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාද සහභාගී විය.
මේ වෙනුවෙන් රු.මිලියන 10ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර, 2019 වසර අවසන් වනවිට තවත් ඔසුසල් 60ක් විවෘත කිරීමට අවධානය යොමුකර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි.
මතුගම, දර්ගා නගරය, දඹුල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ වැනි නගරවල ඉදිරියේදී ඔසුසල විවෘත කිරිමට නියමිතය.