රාජ්‍ය ආයතන ජාලගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ආයතන 3500ක් ජාලගත කිරීම අපේක්ෂාව බවත්, කොළඹ නගර දෙකක් ආදර්ශ සුහුරු නගර බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ කොළඹ මහ නගර සභාව විසින් නිකුත් කරන ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම නිල වශයෙන් අරඹමින් මහ නගර සභා පරිශ්‍රයේ පැවති උත්සවයේදීය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අද වනවිට ලෝකයම ඉතා වේගයෙන් ඩිජිටල්කරණයට පරිවර්තනය වෙමින් තිබෙනවා. මේ නිසා අද බෝහෝ වැඩකටයුතු පහසුවට ඉක්මනට කරගැනීමට පුළුවන්. රාජ්‍ය ආයතනයකට නොපැමිණ ජනතාවට සිය නිවසේ සිටම ඇතැම් සේවාවන් අද ලබා ගැනීමට හැකිවී තිබෙනවා. මේ ඩිජිටල්කරණය නිසා දූෂණ සහ අක්‍රමිකතා වළක්වා ගැනීමටද මාර්ගයක් විවර වි තිබෙනවා. රාජ්‍ය ආයතන ජාලගත කිරීමේ ක්රියාවයාවලිය යටතේ රාජ්‍ය ආයතන 3,500ක් ජාලගත කිරීම අපේක්ෂාවයි. ඒ වගේම, කොළඹ නගර දෙකක් ආදර්ශ සුහුරු නගර බවට පත් කිරීමටද බලාපොරොත්තු වෙනවා." යැයි පවසා සිටියේය.