මෙරට ප්‍රථම AI ප්‍රතිපත්ති රාමුවට ඇමෙරිකානු සහාය
උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ පළමු ජාතික AI ප්‍රතිපත්ති රාමුව සැකසීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කරමින් එක්සත් ජනපදය, කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ සිය ගෝලීය නායකත්වය තවදුරටත් ශක්තිමත් කරයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඇමෙරිකානු AI විශේෂඥතාව, ප්රමිතීන් සහ නවෝත්පාදනයන් මත පදනම් වූ ප්‍රතිපත්ති රාමුවක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය පාර්ශ්ව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළේය.
ප්‍රතිපත්ති රාමු කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ අවසන් අදියර ලෙස එහි පූර්ව ආරම්භක උත්සවය පසුගිය 8දා UGC හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති ජේන් හොවෙල් මහත්මියද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද සහභාගී වූහ.
ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ඇමෙරිකානු AI විශේෂඥ මහාචාර්ය ඌශ්රී භට්ටචාර්ය මහත්මියගේ තාක්ෂණික නායකත්වයෙන් සංවර්ධනය කළ මෙම මුලපිරීම, එක්සත් ජනපදයේ ජාත්‍යන්තරව පිළිගත් යහ පරිචයන්ට අනුකූලව ආරක්ෂිත හා විනිවිද පෙනෙන AI භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලවලට සහාය ලබා දෙයි.
"කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්රයේ ලෝකයට නායකත්වය ලබා දෙන්නේ ඇමෙරිකාව වන අතර, එම නායකත්වය අපගේ හවුල්කරුවන් වෙත ගෙනඒමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වෙනවා" යැයි වැඩ බලන තානාපති ජේන් හොවෙල් මහත්මිය පැවසුවාය."මෙම සහයෝගීතාවය මඟින් විනිවිද පෙනෙන, සදාචාරාත්මක සහ විශ්වාසදායක AI විශේෂඥතාව ලබා දෙමින් ඇමෙරිකානු නවෝත්පාදනයන් ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරනවා. එක්සත් ජනපදයේ තාක්ෂණයන් සහ ප්රමිතීන් හුවමාරු කර ගැනීම තුළින්, අනාගතයට අවශ්‍ය හැකියාවන් ගොඩනඟා ගැනීමටඅපශ්රී ලංකාවට සහාය ලබාදෙනවා. එසේම ඇමෙරිකානු සමාගම්, විශ්වවිද්‍යාල සහ පර්යේෂකයන් සමඟ සහයෝගීතාව ඇති කිරීම සඳහා නව අවස්ථාද පුළුල් කරමින් සිටිනවා. රටවල් එක්සත් ජනපදය සමඟ හවුල් වනවිට, ලෝකයේ වඩාත්ම දියුණු සහ විශ්වාසදායක AI විසඳුම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා" යැයි වැඩ බලන තානාපතිනිය තවදුරටත් පැවසුවාය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා මෙම සහයෝගීතාවය සාදරයෙන් පිළිගත් අතර, උසස් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමට සහ ඩිජිටල්කරණය වෙමින් පවතින ආර්ථිකයක් තුළ සාර්ථක වීමට අවශ්‍ය කුසලතා සිසුන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවගෙන යන උත්සාහයන්ට මෙම මුලපිරීම සහාය වන බව සඳහන් කළේය.
භට්ටචාර්ය මහාචාර්ය තුමියගේ මඟපෙන්වීම යටතේ, මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 18ම නියෝජනය කරමින් නියෝජිතයින් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්, පරිපාලකයින් සහ කර්මාන්ත ක්ෂේත්‍ර නායකයින් එක්රැස් කෙරිණි. ඒ අනුව, සකස් කරන ලද මෙම රාමුව, ඉගැන්වීම, ඉගෙනීම, පර්යේෂණ සහ විශ්වවිද්‍යාල පරිපාලනය තුළ AI තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම සඳහා මාර්ගෝපදේශ සපයයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ කෘත්‍රිම බුද්ධි (AI) සංවර්ධනය සඳහා එක්සත් ජනපදයේ ප්රවේශයන් සහ ප්රමිතීන් මූලික පදනමක් ලෙස ස්ථාපිත කිරීමටද මෙය දායක වේ. ඒ හරහා, අමෙරිකානු තාක්ෂණික සමාගම් සහ අධ්‍යයන ආයතන සමඟ දිගුකාලීන හවුල්කාරිත්ව අවස්ථා නිර්මාණය වීමටද ඉඩ සැලසෙයි.
උසස් අධ්‍යාපනය සඳහා වන ජාතික කෘත්‍රිම බුද්ධි (AI) ප්‍රතිපත්ති රාමුව ජුනි මාසයේදී අවසන් කර, ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වෙත බෙදා හැරීමට නියමිතය.
මෙම උත්සාහය, නැගී එන තාක්ෂණ ක්ෂේත්රයන්හි නායකත්වය ලබා දීමට සහ ඇමෙරිකානු නවෝත්පාදනයන් මගින් ගෝලීය ප්රමිතීන්හැඩගැස්වීමේ කාර්යභාරය තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජනපදය දක්වන කැපවීම අවධාරණය කරයි. එමඟින්, දේශීය වශයෙන් ආර්ථික අවස්ථා ප්‍රවර්ධනය කරන අතරම, ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් ද ශක්තිමත් කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
