මිරිහානට අලුත් තේ රසයක් සමග Tea Avenue Daily Brew ඇවිත්
දවස පටන් ගන්න තේ කෝප්පය, රාජකාරිය අතරතුර පොඩි විවේකයක් ගන්න කෝපි කෝප්පය, මිතුරෙකු හමුවී කතාබහක් කරන අතරේ බොන තේ එක ආදී වශයෙන් වර්තමාන සමාජ සංස්කෘතික හා වෙළෙඳපොළ වෙනස්කම් සමග මේ සෑමදේම Café සංස්කෘතිය සමග මුසුවී ඇති බව නොරහසකි. ඒ අත්දැකීමට තවත් අලුත් තැනක් එක් කරමින් Tea Avenue Daily Brew හි නවතම ශාඛාව පසුගිය සැප්තැම්බර් 26දා මිරිහානේදී විවෘත කෙරිණි.
65E, මිරිහාන, නුගේගොඩ පිහිටි මෙම නව Café එක Hexora (Pvt) Ltd විසින් Tea Avenue franchise එකක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
Tea Avenue යනු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සමඟ දිගු කාලයක සිට සම්බන්ධ නමක් වන Empire Teas සමඟ බැඳුණු සන්නාමයකි. ඒ නිසා Tea Avenue හි විශේෂත්වය වන්නේ මෙරට තේ සංස්කෘතිය නවීන Café අත්දැකීමක් සමඟ එකතු කිරීමය.
Tea Avenue හි කළමනාකාර අධ්යක්ෂ සජීව් ද සිල්වා මහතාගේ දැක්ම යටතේ වර්ධනය වූ මෙම සංකල්පය සාම්ප්‍රදායික තේ කඩයකට වඩා වෙනස් වූවකි. තේ සහ කෝපි සමඟ උදෑසන ආහාර, සැන්ඩ්විච්, පැස්ටා, බර්ගර්, Loaded Fries, වොෆල් සහ අතුරුපස වැනි ආහාර රැසක් මෙහිදී රසවිඳීමට අවස්ථාව පවතී. ඒ නිසා උදේ කෑමකට යන කෙනෙකුට වගේම, දවල් කෑමකට, සවස කෝපි එකකට හෝ මිතුරන් රෑට හමුවෙන්නත් මෙය ගැළපෙන තැනක් බව ඔවුහු පවසති.
“අපිට ඕන වුණේ මිරිහානට තවත් Café එකක් විතරක් ගේන්න නෙවෙයි. හොඳ තේ, කෝපි සහ කෑම රසවිඳින ගමන් යාළුවන් එක්ක හමුවෙන්න, වැඩක් කරගන්න හෝ සරලව සුවපහසු විදිහට කාලය ගත කරන්න පුළුවන් තැනක් හදන්නයි” යනුවෙන් Hexora (Pvt) Ltd හි අධ්යක්ෂ අසංග එගොඩවෙල මහතා පැවසීය.
Tea Avenue Daily Brew මිරිහාන ශාඛාව සතියේ දිනවල පෙරවරු 7.00 සිට රාත්‍රී 11.00 දක්වා විවෘතව පවතින අතර, සති අන්ත සහ නිවාඩු දිනවල මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විවෘතව පවතී.
මිරිහාන සහ නුගේගොඩ අවට ඉන්න අයට තේ, කෝපි, කෑම සහ යාළුවන් එක්ක හොඳ කාලයක් ගත කරන්න තවත් අලුත් තැනක් දැන් Tea Avenue Daily Brew - Mirihana ලෙස අංක 65E, මිරිහාන, නුගේගොඩ යන ලිපිනයේ විවෘතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
