මුළු ලෝකයම කාබන් ශුන්‍ය සංවර්ධනයක් (Decarbonization) කරා ගමන් කරන බවත්, මේ සඳහා අපට විකල්පයක් නොමැති අතර, අපත් ඒ ගමන යෑම අනිවාර්යය බව මහාචාර්ය සරත් කොටගම මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රත්පත්ති ප්රකාශනයේ විශේෂ අංශ වන ජාතික ආර්ථික ප්‍රතිපත්ති, යටිතල පහසුකම් සැපයීම සහ පරිසරය සුරැකීම පිළිබඳව පසුගිය 4දා සිදුකළ Decoding GR's Manifesto සාකච්ඡාවේදී පරිසරය සුරැකීම යන මාතෘකාව යටතේ එහි අන්තර්ගතය පිළිබඳ සැකෙවින් සමලෝචනයක් කරමින් මහාචාර්යවරාය කියා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් කොටගම මහතා,
"රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්රකාශනය ගැන කතා කළොත්, එහි පසුබිම පටන් ගන්නෙම පරිසරය ගැන කතා කිරීමෙන්. මේක අපේ අදහසක්. විශාල පිරිසක් ඒ සඳහා දායක වුණා. මොකද අපි ආර්ථිකය හා සංවර්ධනය කියන වචන සමග අවුරුදු 40ක් පුරා ගැටුණා. තවමත් ගැටෙනවා. නමුත් ආර්ථිකය යන ප්‍රවේශය අපි දැන් දැක තිබෙනවා. නමුත්, අපේ පරිසරයට සිදුකර ඇති හානිය අද සියලු දෙනාම පිළිගන්නවා. ඉතිං අපි පරිසරය නොරැක මේ ගමන ගියොත්, කිසිම ප්‍රශ්නයක් නැතිව ඇණ ගන්නවාමයි. නමුත් ඒ ප්රශ්නය අපෙන් දැන් දුරයි. මොකද, එය මේ ප්රකාශනයේ තියෙනවා. එම පසුබිම් කතාවේ ආරම්භය සඳහන් කළොත්,
'අද වනවිට ලොව සියලු ප්‍රධාන රාජ්‍යයන්ගේ වගකීම වී ඇත්තේ දුප්පත්කම හා ඇති නැති පරතරය නැති කිරීම, වසවිස නැති ගොවිතැන සුලභ කර නිරෝගී ජනතාවක් බිහි කිරීම, සැමට හොඳ අධ්‍යාපනයක් ලබාදීම, පිරිසිදු වතුර හා පිරිසිදු බලශක්තිය සෑම දෙනාටම ලබාදීම, තාරුණ්‍යයට හරිත කර්මාන්ත හරහා හරිත රැකියා ලබාදීම, මිනිස් වාසයට සුදුසු හරිත නගර ඉදිකිරීම, සකසුරුවම්කමට හුරු ජනතාව බිහිකිරීම, කාන්තාවන්ට සාධාරණ ඉඩක් ලබාදීම, දේශගුණික විපර්යාසය හා සාගර දූෂණය වැළැක්වීම, ජෛව විවිධත්වය රැකගැනීම සහ සාමය රජයන සමාජයක් බිහිකිරීම ආදියයි.'
එතකොට හැම තැනම හරිත. පරිසරයට අවශ්‍ය කරන සියල්ල කියල ඉවරයි. දැන් අපිට තියෙන්නෙ, මෙය ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය අනෙක් කරුණු ටික එකතු කරගැනීමයි. අපි මේක හඳුනා ගන්නවා. මෙහි සියලු දේ පැහැදිලිවම සඳහන් කර ඇති බව අපට පේනවා. පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීම, මා අර කලින් කියූ දේවල් ඉටුවීමට අනිවාර්යයි. අපි දකින අත්දැකීම තුළ අපිට මේ ගැන අද හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මේ තිරසර පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන්නෙ, ආර්ථික වර්ධනය වෙන්න පුළුවන්. ඇතැම් ප්රකාශනවල සිංහලෙන් එකක් කියල, ඉංග්‍රීසියෙන් තව එකක් කියල තිබුණට, මේ ප්රකාශනයේ සිංහලෙන් තියෙන එකම තමයි, ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. පැහැදිලිවම එක වචනයක් එක කරුණක් තමයි, ඉදිරියට රැගෙන එන්නෙ.
දැන් මේකට පසුබිම් වුණු, අපි කතා කරපු දේවල් ටිකක් තියෙනවා. ඒක මම ඔබලාට ඉදිරිපත් කරන්න ඕනෙ. 'Country First' කියන එක අපි කිව්වා. දේශීයත්වය ගැන කතා කළා. දැන් ට්‍රම්ප් මහත්මයා සම්බන්ධයෙන් මගේ විරුද්ධත්වයක් තිබුණත්, කරුණු දෙකක් නිසා මම ඔහු සමග එකඟයි. අපි පරිසරවේදීන් හැටියට හැමදාමත් කිව්වෙ, රට මුලින් තියාගන්න ඕනෙ කියලයි. ට්‍රම්ප් මහත්මයා ඒක කිව්වා, 'Patriotism is more important than globalization' කියලා. අපි පරිසරවේදීන් හැටියට ඔය දෙකම හරි. දේශානුරාගය තියන්න ඕනෙ. දේශය ගැන හිතන්න ඕනේ. ඒ නිසා ජගත්කරණය කියන එකට තමයි, පරිසරවේදීන් වූ අපි අවුරුදු 40ක් පුරා එකඟ නොවුණේ. නමුත්, ජගත්කරණය අවශ්‍යයි. මොකද අපිට තනියම ඉන්න බෑ. අපි තවත් රාජ්‍යයන් සමගත් ඉන්න ඕනෙ. ඒක දෙවැනි කතාවක්. නමුත්, ඒක කොහොමද කරන්නෙ කියන එක වැදගත්.
අපි ස්වභාවිකරණයට යන්න ඕනේ. දැන් ඔය ඔක්කෝම එක එක හරිත කතා කියනවා. මේ හරිත කතා සියල්ලගෙන්ම කියවෙන්නෙ, ස්වභාවයත් එකක් අපි කොහොමද ජීවත් වෙන්නෙ කියන එකයි. ඒකට මම 1998 ලියපු ලිපියක කිව්වා, 'ස්වභාවීකරණය' කියලා. ඒක අද පිළි අරගෙන තියෙනවා. ඊළඟට අපි කිව්වා මේකට සැලැස්මක් අවශ්‍යයි කියලා. භෞතික සැලැස්මක්, ජාතික භූමි සැලැස්මක් අනිවාර්යයි. එහෙම නැතිව වර්ධනය නොවන භූමියක් සීමිතයි. අපිට Port City එක හැදුණා. කාලීනව පරම්පරා පහකින් විතර හැදෙන්න තිබුණු එකක්, මේ එක පරම්පරාවකින් හදා ගත්තේ. දැන් ඉතිරි ටිකත් හැදෙයි. මොකද අපි මුක්ක ගගහ මුක්කු ගගහ මුහුදට ගියා. එදා ආතර් සී, ක්ලාක් මහත්තයා කිව්වෙ, මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව ඇඟිලි ගොඩක් වගේ පෙනෙයි කියලා. ආතර් සී. ක්ලාක් මහත්මයා අද නෑ. නමුත් මේවා 1960 ගණන්වල කිව්ව කතා. අද අපට මේවා අමතකයි.
ඊළඟට අපි කියනවා, Protecting, Conserving and Restoring the Environment කියලා. පරිසරය රැකගන්න ඕනේ. පරිසරය සංරක්ෂණය කරන්න ඕනේ. පරිසරය ප්රතිවර්ධනය කරගන්න ඕනේ. මොකද අපි පරිසරය නසල ඉවරයි. ඒ හින්දා ඒක හදාගන්න ඕනේ. අපි තියෙන දේ හරියට පාවිච්චි කරන්න දැනගන්න ඕනෙ. ඒක සංරක්ෂණය. ආරක්ෂා කරන්න ඕනෙ දේ හරියට ආරක්ෂා කරන්නත් ඕනේ. ඒක Protection. ඔය තුනම කිරීම දැන් අපට අනිවාර්ය වෙලා තියෙනවා. මේක සම්බන්ධීකරණයෙන් කරන්න ඕනෙ. මේ ඔක්කෝම කරන්න අධ්‍යාපනය අනිවාර්යයි. ශ්‍රී ලංකාව තමයි, ලෝකයේ 1974 වසරේ ප්‍රථම වතාවට පාසල් පද්ධතිය තුළට පරිසර අධ්‍යයනය ගෙනාවේ. දැන් තියෙනවද? නැහැ. දැන් එක එක වචන දාල කියන්න හදනවා. නමුත් අවශ්‍යතාව ඒක නොවෙයි. පැහැදිලි පරිසර අධ්‍යයනය තියෙන්න ඕනේ. වර්ෂ 1971 ටිබ්ලීසී සම්මේලනයට පසුව ශ්‍රී ලංකාව තමයි, ප්‍රථම වතාවට මෙය කෙරුවේ. නමුත්, ඒවා අපිට අද අමතකයි.
තවදුරටත් අපි මේක කියනවා, ස්වභාවයත් එක්ක Clearly improving the quality of living condition එයත් කරන්න ඕනෙ කිව්වත්, පරිසරය කොහොවත් තියලා ඒක කරන්න බැහැ. පරිසරයත් එක්කම තමයි, මේක කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ප්‍රධාන කරුණු ගොඩක් තියෙනවා. භූමිය ගැන මම කතා කරන්න යන්නේ නෑ. මීට කලින් ඒ ගැන කියවුණා. නමුත්, ඒ සමගම සමස්තයක් හැටියට ඕනෑම රටක භූමියෙන් තුනෙන් එකකවත්, සියයට 30කවත් වන ආවරණයක් තිබිය යුතු බව අප හඳුනාගෙන තිබෙනවා. එය විද්‍යාත්මකව පිළිගත් කරුණක්. අපි එතනට යා යුතුයි. අපිට තිබුණා සියයට 70 ගණනක්. ඒක නැති වුණා. දැන් 20 ගාණක් කියලා කියනවා. කොහොම හරි, දැන් අපිට ඒ වන ආවරණය නැතිවෙලා. ඒ නිසා සියයට 30%ක් හෝ 33%කවත් වන ආවරණයක් තිබීම අත්‍යවශ්‍යයි. ඒ වන ආවරණ තිබිය යුතු තැනුත් හුඟක් අපි කල්පනා කරන්න ඕනෙ. මොකද අතීතයේ ඒවා තිබුණා, දැන් නැහැ.
ඒ වගේම, කර්මාන්ත අපිට අවශ්‍යයයි. කර්මාන්ත ගැන කරන්න ඕනෙ පොකුරු (Cluster) හැටියටයි. මේක අපි යෝජනා කරන දේ තුළ අනිවාර්යයෙන්ම අවශ්‍ය වන කරුණක්. මොකද අපි කියන්නෙ, Circular (චක්‍රීය) එල්ලංගා ක්‍රමයට කරන්න ඕනෙ කියලයි. ඒක දේශීය වචනයක්. නමුත් අද ඉංග්‍රීසි භාෂාවේ ඒක පිළිගෙන තිබෙනවා. ජාතික උරුමයක් එල්ලංගාව කියන්නෙ. ඉතිං අපි කියන්නෙ, කර්මාන්ත එල්ලංගා ක්‍රමයට චක්‍රීය වෙන්න ඕනේ. එතකොට එකක් ගාල්ලේ, අනිත් එක යාපනයේ තියාගෙන බෑ. එක කර්මාන්තයක අතුරුඵල, බැහැරඵල, තවත් කර්මාන්ත ශාලාවක ප්‍රධාන අවශ්‍යතාව විය යුතුයි. මේවා සම්බන්ධ කරන්න ඕනේ. මේවා කෙරුවොත් විතරයි, අපිට යහපත් පරිසරයක හොඳට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් බිහි වෙන්නේ. Eco Industrial Zones කියල අපි කිව්වා, හැබැයි පොකුරු සංකල්පයක් තුළ පැහැදිලිව තිබිය යුතුයි.
ඊළඟට කිව්වා කසල. මෙන්න අලුත් දෙයක් අපි කියනවා. මේවා ගැන අපි කතා කරන කොට හැමෝම උඩ බලනවා. කසල හදන්නෙ අපි විතරයි. මේ මිහිතලයේ කිසිම සතෙක් කසල හදන්නෙ නෑ. ඇයි අපිට එහෙම නම් ඒක නොසදා ඉන්න බැරි. ඒ විය යුතු පළමු වැනි කරුණයි. ප්‍රශ්න විසඳීමේදී අවසානය නොවෙයි කරන්න තියෙන්නෙ, මුලයි. අපි හැම වෙලාවෙම බෝලෙ පාස් කරනවා. පස්සෙ බලමු කියනවා. අපි පරිසරවේදීන් හැටියට මෙතුමා මෙය පිළි අරගෙන තියෙන එක ගැන ඉතාමත්ම සතුටට පත්වෙනවා. අපි අපිම කවුරුත් කසල නිෂ්පාදනය නොකරන්නේ නම්, කසල ගැටලුවක් නෑ. නමුත්, ඒක හෙට වෙන්නෙ නෑ. ඒක ගමනක්. ඒ ගමනට අපි ලැහැස්ති වෙන්න ඕනෙ. Zero Waste කියන එක අලුත් සංකල්පයක් නෙමෙයි. අපි හුඟක් වෙලාවට කතා කරන සංගප්පූරුවේ Zero Waste Policy වර්ෂ 2050. නැත්නම්, No Land Filing වර්ෂ 2030. ඔවුන්ට ඉඩ නෑ තමයි, පුරවන්න. නමුත්. තියෙන දේවත් නොපුරවා ඉන්න ඔවුන් හිතනවා. අපි මේ දෙකම කිව්වා, ඒ දෙකම අන්තර්ගතයි.
මේ ගමන යා යුත්තේ එහෙමයි. එහෙම නැතිව මේ ගමනේදී අපිට අනෙක් අයගේ කසලත් සුද්ද කරන්න වෙයි. දෙතුන් පාරක් අපිට වුණා. ඒවා දැන් අමතකයි. මුළු ලෝකයම යන්නේ කාබන් ශුන්‍ය සංවර්ධනයකටයි. (Decarbonization) අපිට මේකට විකල්පයක් නෑ. අපිටත් ඒ ගමන යෑම අනිවාර්යයි. කොහොමද එක් කරන්නෙ කියන එක තමයි, මෙතුමන්ලා මීට කලින් කිව්වේ. සූර ක්‍රමවේද තියෙනවා. තාක්ෂණය මේ සඳහා තියෙනවා. ඒක යොදාගැනීම අපේ වගකීමයි. ඒ නිසා ඒ ගමනට අපි ලැහැස්ති විය යුතුයි. ඒවා මෙහි අන්තර්ගතයි.
ජෛවවිවිධත්වය යනු අනිවාර්යයෙන්ම අනාගතය. මේක අද ඊයේ කියපු කතාවක් නොවෙයි, මුළු රටේම ජීවනාලිය ජෛවවිවිධත්වයයි. ඒක නැත්නම්, කවදාවත් අපිට මෙතැන ඉන්න බෑ. ඒ ජීවනාලිය රැකගැනීමේ වගකීමයි, අපිට තියෙන්නේ. එය අපි අනිවාර්යෙන්ම කරගත යුතුයි. ඒක මේ කෑලි කෑලි කුට්ටි කරල කරන්න බෑ. එදා අවශ්‍යතාව අනුව කුට්ටි වුණා. නමුත්, දැන් අවශ්‍යතාව ඒක නොවෙයි. මේ ඉතිහාසය තුළ ජෛවවිවිධත්වය කියන එක නිසාම, අපි එක අරමුණක් ඇතිව, එක වහළක් යටට ගෙනල්ලා, එක්ව කටයුතු කරන්න වෙනවා. පවුලක් වගේ තමයි. ගැහැණු පිරිමි එක වහළක් යට හිටියාට කරුණු දෙකක්. දරුවෝ එනකොට තවත් කරුණු ගොඩක් එනවා. ඉතිං මේවා ඒ විදියටම බලන්න ඕනෙ.
මෙන්න මේකත් අවසාන වශයෙන් කියනවා. අමතක කරන්න එපා. මෙයත් මෙහි අන්තර්ගත වෙලා තියෙන නිසා අපි කියන්න ඕනේ. අපිට තව අවුරුදු 10කින් 20කින් තීන්දු වුණොත් රට වගේ 200 ගුණයක මහ මුහුදක් හිමිවෙනවා. ඒ වෙනුවෙන් 2009 ඉල්ලුම් පත්‍ර දැම්මා. එය ලැබුණොත් මේ තියනවා වගේ 200 ගුණවක් වැඩි වෙනවා. වපසරිය තියෙනවා කිව්වට වැඩක් නෑ, ඒකෙ මොකක්වත් කරගන්න බැරි නම්. අනිවාර්යෙයෙන්ම කළ යුතුයි. ඒ සඳහා අපි දිගු ගමනක් යන්න ඕනේ.
'Settlements and Cities' වෙනස් වීම අනිවාර්යයි. දැන් තියෙන විදියට අපිට හැදෙන්න බෑ. ඒකටත් දැන් අදහසක් කියවුණා. නගර කොහෙද නිර්මාණය වෙන්න ඕනෙ කියලා. නගර විතරක් නොවෙයි, ගමත් හරියට නිර්මාණය වෙන්න ඕනේ. ගමත් රේඛීය නිර්මාණයකට ගියොත්, අපේ පාසල් පද්ධතිය දැනටමත් අවුල් වෙලා තියෙන්නෙ ඒකයි. මේවා ගැන හිතන්න ඕනේ. එසේ නොවුණොත් අලි මිනිස් ගැටුමටත් විසඳුම් නැති වේවි. අපි ඒවත් සැලසුම් කරන්න ඕනේ. සතුන්ටත් ප්‍රශ්න තියෙනවා. අපි ඔවුන් වෙනුවෙනුත් සැලසුම් සකසන්න ඕනේ. එතකොට හොඳ පරිසරයක් තමයි, අපේ බලාපොරොත්තුව. හැබැයි මේක විය හැක්කේ ක්‍රියාකිරීමෙන් පමණයි. කතා කිරීමෙන් නොවෙයි. අන්න එතනදි මගේ පුද්ගලික අත්දැකීමෙන් මම කියන්න කැමතියි, අපිට අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා. එතුමාට සවිය දුන්නොත් එතුමා කරන නිසා, කරපු නිසා අපිට විශ්වාසයක් තියෙනවා. අපි මේ ඉදිරිපත් කරපු පරිසර අදහස් ටික එතුමා ඇතුළත් කර ගත්ත නිසා, ඒවා සිදුවෙයි කියන දේ වගේම, ඊට සහාය දෙයි කියන දේ අපි හිතනවා.
ජෛවවිවිධත්වය ගැන මේ වචන කිහිපය ඉදිරිපත් කරමින් මගේ දේශනය අවසන් කරනවා. 'Biodiversity is our Life, Lifeline of the Nation." යැයි පවසා සිටියේය.