මහජන බැංකුවේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී අද (28දා) වැඩ භාරගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා වන ඔහු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකුද වන බව මහජන බැංකුව නිවේදනය කරයි.
එමෙන්ම, නානායක්කාර මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන බව සඳහන් වෙයි.
මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර, හේෂා විතානගේ, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අධ්යක්ෂ මණ්ඩල ලේකම් රොහාන් පතිරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවද මහජන බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.