ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය 20දා සිය ධුරයෙන් සමුගැනීමට නියමිතව තිබුණි.
ඒ අනුව, සිය සමුගැනීමට පෙර පසුගිය 19දා ඔහු මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආමන්ත්‍රණය කර ඇත.
2016 ජූලි මස සිය රාජකාරි කටයුතු ඇරඹූ වත්මන් අධිපති ආවාර්ය කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ය.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා ගනිමින් තම පළමු උපාධිය හිමිකර ගත් ආචාර්ය කුමාරස්වාමි, සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත. ඔහු 1974 වසරේ දී මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ලංකා මහ බැංකුවට සම්බන්ධ විය.
ආචාර්ය කුමාරස්වාමි ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමූහයේ හා ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකාවේ පර්යේෂණ ආයතන ගණනාවකම සිය සේවය ලබාදී ඇත.
ආචාර්ය කුමාරස්වාමි දක්ෂ ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔහු 1974 වසරේ ජපානයේ පැවති ආසියානු රග්බි තරගාවලියේදී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එම කණඩායමට දෙවැනි ස්ථානය ලබාගැනීම සඳහා නායකත්වය දුන් අයෙකි. ආචාර්ය කුමාරස්වාමි විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු වන බවද කියයි.