කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති 3.3% සිට මාර්තු මාසයේදී 4.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇත.
මේ අතර ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය පෙබරවාරි මාසයේ පැවති 7.9% සිට මාර්තු මාසයේදී 9.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයේ එළවළු, අමුමිරිස්, නැවුම් මත්ස්‍යයන් සහ කහකුඩු මිල ගණන් ඉහළ ගොස් ඇත.