ශ්රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ඇ.ඩො.මිලියන 7ක් වසර තුනක කාලයක් ඇතුළත ලබාදීමට නෝර්වේ රජය තීරණය කර තිබේ.
මේ වසරේදී බිම් බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමේ සභාපතීත්වය දරන්නේ නෝර්වේ රාජ්ය බවත්, ශ්රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්කර ගැනීමේ අරමුණ ඉටුකර ගැනීමට නෝර්වේ රාජ්යයෙ සහාය ලබාදීමට අපේක්ෂා කරන බවත් නෝර්වේ විදේශ කටයුතු ඇමතිනී ඉනේ මාරි එරික්සන් සොරෙයිඩි මහත්මිය පවසා ඇත.
ඒ අනුව, ශ්රී ලංකාවේ සංචාරයක නිරත නෝර්වීජියානු රාජ්ය ලේකම් මේරිඈන් හාගන් මහත්මිය ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර තිබේ.