මයින් ඇක්ෂන් ගෘප් (MAG) සහ ශ්‍රී ලාංකේය ආයතනයක් වන ඩෙව්ලන් ඇසිස්ටන්ස් ෆෝ සෝෂල් හාර්මනි (DASH) යන සංවිධානයන් හි හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත්කිරීම සඳහා ඉදිරි දෙවසර තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 7ක ආධාර ලබාදී තිබේ.
මෙමගින් උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැදගත් වන අතිරේක ශක්‍යතා සැපයෙනු ඇති බවත්, එමගින් විශාල පිරිසකට නැවතත් තම ජන ජීවිත ගොඩනගා ගැනීමට ඉඩප්රස්ථා ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
2009 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට මේ දක්වා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20ක් පමණ ලබාදී ඇති බවත්, 2020 වනවිට ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්වීමට තැබූ මේ වැදගත් පියවර ඔස්ට්‍රේලියාවේ පැසසුමට ලක්වන බවත් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.