කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්වූ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහ ජීවනෝපාය මාර්ගයක් ලෙස කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයන්ට යළි තම ව්‍යාපාරවලට යොමු කරවීමේ Back to Business (ව්‍යාපාර පුනර්ජීව) වැඩසටහන යටතේ එම ව්‍යවසායකන්ට ණය සහන පදනමක් මත අමුද්‍රව්‍ය සැපයීමේ වැඩපිළිවෙළක් ක්ෂුද්‍ර , කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනය (COSMI) ක්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් කුඩා සහ සුළු පරිමාණ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන දාමය තුළ අවශ්‍ය වන අමුද්‍රව්‍ය ණය සහන පදනමක් මත ලබාගෙන අදාළ නිෂ්පාදන සිදුකොට අලෙවි කළ පසුව අමුද්‍රව්‍යවල මිල ගෙවීමට පහසුකම සැලසෙනු ඇත.
"දැන් ගන්න - පසුව ගෙවන්න" (Buy Now Pay later) සංකල්පය යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට COSMI සමග ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන ලිරිදි ලංකා (LIRIDI Lanka) ආයතනය අත්වැල් බැඳගෙන තිබේ. මෙම අමුද්‍රව්‍ය සැපයුම් අවබෝධතා ගිවිසුම පසුගියදා දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගන්නා ලද අතර ණය ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.
එම අවබෝධතා ගිවිසුමට අනුව මෙම ප්‍රතිලාභය ක්ෂ්‍රදු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනයේ සාමාජිකත්වය දරණ වානිජ මණ්ඩල සහ ව්‍යාපාර සංවිධනවල සාමාජිකත්වය දරන ව්‍යවසායකයන්ට ලබාගත හැකි වන අතර, එයින් මෙරට කොවිඩ්-19 වසංගත අභියෝහ හමුවේ තම ව්‍යාපාර බිඳ වැටී ඇති ක්ෂුදු සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් දහස් ගණනකට යළි ව්‍යාපාරවලට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙන බව පවසයි.
මෙම අවබෝධතා ගිවිසුමට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය වෙනුවෙන් එහි පාලක මණ්ඩලයේ සභාපති දේශබන්දු මැකී හෂීම්, එම සම්මේලනයේ අධ්යක්ෂ මණ්ඩල සභාපති නවාස් රාජබ්ඩීන්, යන මහත්වරුන් අත්සන් තැබූ අතර ලිර්දි ලංකා සමාගම වෙනුවෙන් එහි නිර්මාතෘ කිරිල් මලූකා මහතාත්, ශ්‍රී ලංකා කලමනාකාර මුදිත හෙට්ටිගම මහතාත් අත්සන් තබා ඇත.