ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසෙන ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන ජාලයේ ශාඛාවක් බදුල්ලේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.
මේ යටතේ දිස්ත්‍රික්කයේ ජනතාවට ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සිට ණය පහසුකම් ලබාගැනීම, පුහුණු වැඩසටහන්, තාක්ෂණික සහය ඇතුළු සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව සැලසේ.
මෙම ශාඛා ජාලයේ පළමුවැන්න මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මීට පෙර ආරම්භ කෙරිණි. යුරෝපා සංගමයට අනුබද්ධ ක්‍රිසලීස් ආයතනයේ අනුග්‍රහය මත යෝජිත බදුල්ල ව්‍යාපාර සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීම පිළිබඳ මූලික වැඩමුළුවක් පසුගියදා ෂෙහාන් සේමසිංහ සහ තේනුක විදානගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.