මෙරට උසස් අධ්‍යාපනයේදී පැය කිහිපයක විභාගයකට මුහුණදෙන විශාල දරු පිරිසකගෙන් කොටසක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල තේරුණත්, ඒ හා සමාන හැකියාවක් ඇති විශාල කොටසක් ඉතිරි වන බවත්, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අප මුහුණදී සිටින අභියෝගය බවත් අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත්අමුණුගම මහතා මෙසේ පවසා සිටියේ හෝමාගම හරිත සරසවියේ ගුරු සිසු හමුවේදීය.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අද අපේ උසස් අධ්‍යාපනය දෙස බලන විට පෙනී යන්නේ විශාල සංඛ්‍යාවක දක්ෂ දරුවන් පැය කිහිපයක විභාගයකට මුහුණදී ඉන් කොටසක් රාජ්‍ය විශ්වවිද්‍යාලවලටත් ඒ හා සමාන හැකියාවක් තියෙන තවත් විශාල කොටසක් ඉතිරි වෙනවා. මේ පිරිසගේ අනාගතය සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න අප මුහුණ දී සිටින අභියෝගයක්. එවැනි අභියෝගවලට මේ විශ්වවිද්‍යාලය පිළිතුරක් බව පැවසිය යුතුයි.
ලෝකයේ බොහෝ රටවල නොමැති නිදහස් අධ්‍යාපන ක්‍රමයක්, නිදහස් සෞඛ්‍ය සේවයක්, සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් යනාදී විශිෂ්ට රාජ්‍ය සුබසාධක ප්රතිපත්තියත් අපේ රටේ ක්‍රියාත්මක කර තිබෙනවා. මේ තුළින් ඇති කළ පරපුරට සාධාරණ අනාගතයක් ගොඩනැගීම අපේ ප්‍රධාන අභිප්‍රාය හා අභියෝගයයි. ඒ අභියෝගය තුල අපිට තීරණ ගැනීමට සිදුවෙනවා" යැයි පවසා සිටියේය.