තුන්වැනි කාර්තුවේ ඇරඹුමත් සමග නිෂ්පාදන අංශයෙහි වර්ධනය ආන්තික පහත වැටීමක් පෙන්නුම් කරන බව 2018 ජූලි මාසයේ ශ්රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජුනි මස වාර්තා කළ 57.6ක අගයට සාපේක්ෂව 2018 ජූලි මාසයේදී 57.2ක දර්ශක අගයක් දක්වා අඩුවී තිබේ.
මෙම අන්තික පහත වැටීම සඳහා විශේෂයෙන්මසේවා නියුක්තියෙහි අඩුවීම බලපා ඇති අතර, ආහාර හා පාන සහ රෙදිපිළි හා නිමි ඇඳුම් යන අංශයන්හි නුපුහුණු සේවකයන් සේවය හැර යාමත් සමග, නවක සේවකයන් බඳවා ගැනීමේ අපහසුතාව මේ සඳහා බලපා ඇති බව පෙන්වා දී තිබේ.