2018 අගෝස්තු මස වනවිට දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි "තුරුණු දිරිය"ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාර සැලසුම් 783ක් සකස් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SEDD) පවසයි.
දැනට තරුණ ව්‍යවසායකයන් 1,030ක් මේ සඳහා සුදුසුකම් ලැබ සිටින බවත්, ව්‍යාපාර සැලසුම් 390ක් දිවයින පුරා ලංකා බැංකු ශාඛා වෙත බාරදී ඇති බවත් සඳහන් කරයි.
මෙය, වයස අවුරුදු 35ට අඩු, උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, අවම වශයෙන් වසර 03ක් ව්‍යාපාරයේ නියුතු, හැකියාව ඇති ,තරුණ ව්‍යවසායකයන් උදෙසා වන විශේෂ ණය යෝජනා ක්‍රමයක් බව SEDD වැඩිදුරටත් පවසයි.