ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති 6.1% සිට ජූලි මාසයේදී 6.8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම් මේ සඳහා හේතු වී තිබේ. තවද ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති 9.8% සිට ජූලි මාසයේදී 11.0%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ එය 2.9% සිට 3.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.