ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය දායකත්වය හරහා රටට සහ දෙපාර්තමේන්තුවට ඉටුකරනු ලබන සේවය අගයනු වස් ඔවුන්ට උපහර පිදීමේ උළෙලක් පසුගිය 08දා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ.
වසර 30කට අධික සේවා කාලයක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සේවය කරනලද නිලධාරීන් මෙන්ම, රාජ්‍ය සේවයේ වසර 30කට අධික සේවා කාලයක් සේවය කරමින්, දැනට එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරී මහත්ම මහත්මින්ද මෙම ප්රණාම උළෙලේදී ඇගයීමට ලක්කර තිබේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් දර්ශණා සේනානායක මහත්මිය සහභාගි වී ඇති අතර, එම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.