ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන, ජාත්‍යයන්තර කාන්තා දිනයට සමගාමී සැසියක් මාර්තු 08දා ප.ව 3.00 සිට 5.00 දක්වා කොළඹ 10, ඩී.ආර්. විජයවර්ධන මාවතේ, අංක 450 පිහිටි, වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී, ඵලදායී කාන්තා සෞඛ්‍යයක් ගොඩනැගීම හා කාන්තා චර්ම රෝග සම්බන්ධව සාකච්ඡාවට බඳුන්වන අතර, ඵලදායී කාන්තා සෞඛ්‍යයක් පිළිබඳව වෛද්‍ය චම්පා නෙල්සන් මහත්මිය විසිනුත්, කාන්තා චර්ම රෝග පිළිබඳව වෛද්‍යය ධනංජය්යා ආරියවංශ මහත්මිය විසිනුත් දේශන මෙහෙයවනු ලැබේ. මෙම සැසිය අවසානයේදී ඔබගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමිවන බවද වාණිජ මණ්ඩලය පවසයි.
නොමිලයේ පවත්වනු ලබන මෙම දේශනයට කාන්තා ඔබ සියලු දෙනාට ආරාධනා කරනු ලබන අතර, ආසන සීමිත බැවින් 0114-741788 හෝ 011-2689600 දුරකථන අංක අමතා ලියාපදිංචි වන ලෙස වැඩිදුරටත් පවසයි.