මෙරට ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සදහා චීනයේ ජිලින් පළාතේ ඉහළ පෙලේ ආයෝජකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
ජිලින් පළාත් වානිජ දෙපාර්තමේන්තුව,ජිලින් පළාත් වානිජ මණ්ඩලය හා ජිලින් විදේශ ආයෝජන සහයෝගිතා සංගමයේ ඉහල පෙලේ නිළධාරීන් මීට ඇතුලත්ය. මෙම පිරිස පසුගියදා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේදි හමුවිය.
ජිලින් විදේශ ආයෝජන සහයෝගීතා සංගමය සහ ජිලින් වාණිජ මණ්ඩලය ප්රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වලින් සමන්විත වේ. ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ පරමාර්ථය වන්නේ විදුලිබල හා බලශක්ති, ඛනිජ තෙල්, ඉදිකිරීම් සහ ප්‍රවාහන මෙන්ම කාර්මික නිෂ්පාදන වැනි අංශවල ආයෝජන අවස්ථා සොයා බැලීමයි.