ජාත්‍යන්තර සංචාරවල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන්ට කලින් ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තුවලට ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබේ.
මේ අනුව, ඩුබායි හරහා දැනට තිබෙන එමිරේට්ස් ගමනාන්ත 120කට වැඩි ගණනකට හෝ ඉදිරියේදී විවෘත කරන ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් මගීන්ට මෙම සහන ගාස්තු ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙම ගුවන් ප්‍රවේශපත් 2021 සැප්තැම්බර් 06දා සිට සැප්තැම්බර් 19දා දක්වා වෙන්කරවා ගත හැකි අතර, ඒවා 2021 සැප්තැම්බර් 09දා සිට 2022 මාර්තු 31දා දක්වා සංචාරය කිරීමට වලංගු වේ.
මෙම සහන ගාස්තු ඉකොනොමි, බිස්නස් සහ පළමු පන්තිය සඳහා අදාළ වන අතර, එමිරේට්ස් ගුවන් ගමන් www.emirates.com වෙබ් අඩවියෙන්, ට්‍රැවල් ඒජන්ත සමාගම් මාර්ගයෙන් හෝ එමිරේට්ස් විකුණුම් කාර්යාලයෙන් වෙන්කරවා ගත හැකිබව වැඩිදුරටත් පවසයි.