ගෙවත්ත තුල අපනයනයට සුදුසු වගාවන් හඳුන්වා දෙමින් ග්‍රාමීය ජනතාව අපනයන කෘෂි නිෂ්පාදනයට එක්කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සදහා අවශ්‍ය බීජ, පැළ,තාක්ෂණික උපදෙස් හා මඟපෙන්වීම රජය විසින් නොමිලේම ලබාදෙන බවත් ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.
රජයේ ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇතිකිරීමේ ජාතික වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අනුව අක්කර කාලක ගෙවත්තක් සදහා ටීජේසී අඹ පැල 25ක් ලබාදෙයි. එමගින් වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායමක් අපේක්ෂා කෙරේ. ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයන් අනුව සුදුසු, අපනයනය ඉලක්ක කරගත් බෝග වගා කිරීම මෙම වැඩසටහන අනුව සිදුවේ. මෙමගින් ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ ඉලක්ක කොටගත් නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂිතය. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ඉලක්ක කරගත් එළවලු හා පලතුරු අපනයන කලාප ඇති කිරීමටත්, එමගින් මෙම අස්වැන්න බාධාවකින් තොරව ජාත්‍යන්තර වෙළෙඳ පොළ කරා ප්‍රවාහනයටත් අවස්ථාව සැලෙසෙන බවත් චානක අමාත්‍යවරයා පැවසීය.
වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත්රයෙන් 2%ක්ව පවතින දායකත්වය වර්ෂ 2025 දී 4%ක් දක්වා වැඩි කිරීම හා කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.