කොමර්ෂල් බැංකුව Payable හා එක්ව SME සඳහා Soundbox ඩිජිටල් ගෙවීම
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්රව්ය පහසුකම් සහිත නව්ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන Soundbox හඳුන්වා දී ඇත.
Mastercard හි සහාය ඇතිව Payable ප්රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක කෙරෙන මෙම Soundbox විසඳුම් සකස් කර ඇත්තේ තවමත් අත්පිට මුදල් ගනුදෙනු මත යැපෙන ක්ෂුද්ර හා කුඩා පරිමාණ ව්යාපාරිකයින්ට දැරිය හැකි මිල ගණන් සහිත, සරල සහ කාර්යක්ෂම ගෙවීම් ලබාගැනීමේ ක්රමවේදයක් හරහා විධිමත් ඩිජිටල් ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ අරමුණෙනි.
වෙළෙඳපොළේ පවතින සියලුම ප්රධාන කාඩ්පත් ජාල හා QR ක්රමවේදයන්ගෙන් ලැබෙන ගෙවීම් භාර ගැනීමට මෙම උපාංගයට හැකි වන අතර, මෙය මෙරට ගෙවීම් ක්ෂේත්රයේ පරිණාමීය මාවතෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. Soundbox මගින් සම්බන්ධතා රහිත කාඩ්පත් ගෙවීම් හා QR පාදක කරගත් ගනුදෙනු යන දෙවර්ගයටම සහාය වන අතර, සෑම සාර්ථක ගෙවීමක් සඳහාම තත්ය කාලීන ශ්රව්යමය තහවුරු කිරීමේ පණිවිඩයක් ලබාදෙයි.
මෙම උපාංගය සම්පූර්ණ කරන ලද සෑම ගනුදෙනුවක්ම එලෙස නිවේදනය කරන අතර, වෙළෙඳ මහතුන්ට ඔවුන්ගේ ව්යාපාරික ක්රියාවලට බාධාවක් නොවී ක්ෂණිකව ගෙවීම් සත්යාපනය කිරීමට හැකියාව ලැබේ. QR පාදක කරගත් ගනුදෙනු මගින් ක්ෂණිකව මුදල් බැර කිරීමෙන්ද තවත් ප්රතිලාභ ලැබෙනු ඇති අතර, එමගින් කුඩා ව්යාපාරවල ද්රවශීලතාවය තවදුරටත් වැඩි දියුණු කරයි.
මෙම නව මුලපිරීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා අදහස් දක්වමින්, “මෙම නව සේවාවෙ හි විශේෂ ලක්ෂණය වන්නේ එහි දැරිය හැකි මිල සහ ක්ෂණික ප්රතිචාර ලබා දෙමින් කුඩා ව්යාපාර වෙළෙඳ මහතුන්ට වෙළෙඳපොළට ප්රවේශ වීමට ඇති දිගුකාලීන බාධක ඉවත් කිරීමේ හැකියාවයි. නව පරිශීලකයින් ක්ෂණිකව ඇතුලත් කර ගැනීම, තත්ය කාලීනව ගනුදෙනු පිළිබඳව දැනුවත් වීමේ හැකියාව සහ බහුවිධ ගෙවීම් ක්රමවලට සහාය දැක්වීම යන සේවාවන් සියල්ල තනි උපාංගයක් හරහා සිදුකර ගැනීමේ හැකියාව ලබා දෙමින්, අපි මේ හරහා ඩිජිටල් වෙළෙඳපොළට වඩාත් තරඟකාරී ලෙස සහභාගී වීමට අවශ්ය වන මෙවලම්වලින් ව්යාපාරිකයින් සන්නද්ධ කරනවා” යැයි පවසා සිටියේය.
Payable හි සම නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී යොහාන් විජේසිරිවර්ධන මහතා අදහස් දක්වමින්, “Payable හි අපි දශකයකටත් අධික කාලයක් පුරාවට ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ කිසිදු වෙළෙඳ මහතෙකු මඟ නොහැරෙන බවට සහතික කිරීමේ ඒකායන අරමුණින් කටයුතු කරමින් සිටිනවා. Soundbox හරහා එම දැක්ම යථාර්ථයක් බවට පත් කරනවා. පසුගිය සතියේ ව්යාපාරයක් ආරම්භ කළ කුඩා ව්යාපාරිකයෙකුට වුවද, මෙරට විශාලතම සිල්ලර වෙළෙඳසැලට හිමිවන ඩිජිටල් පහසුකම් සියල්ලම, තම වර්තමාන ව්යාපාරික තත්ත්වයට සරිලන මිලකට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. කොමර්ෂල් බැංකුව සහ Mastercard අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය තුළින් එම අරමුණ යතාර්ථයක් බවට පත් කරනවා” යැයි පවසා සිටියේය.
Mastercard හි ශ්රී ලංකාවේ දේශීය කළමනාකාරිණී මහේෂා අමරසූරිය මහත්මිය අදහස් දක්වමින්, “Mastercard හි අවධානය යොමු වී ඇත්තේ දියුණුවේ ඉහළටම ළඟා වීමට කුඩා ව්යාපාර බලගැන්විය හැකි ආරක්ෂිත, සරල හා සියලු පහසුකම් අන්තර්ගත වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම සඳහායි. කොමර්ෂල් බැංකුව සහ Payable සමඟ එක්ව Soundbox හඳුන්වා දීම, ශ්රී ලංකාව තුළ ඩිජිටල් ක්රමවේද භාවිතය පුළුල් කිරීමේ වැදගත් පියවරක් වෙනවා. දැරිය හැකි මිල හා නව්යෝත්පාදනය ඒකාබද්ධ කරමින් දියත් කෙරෙන මෙම විසඳුම් ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර පද්ධතියට විශ්වාසයෙන් යුතුව ඩිජිටල් ගෙවීම් වැළඳ ගැනීමටත්, මූල්ය සේවාවන් සඳහා සුදුසුකම් ලැබීම ශක්තිමත් කිරීමටත්, අත්පිට මුදල් භාවිතය අඩු වූ ඩිජිටල් ආර්ථිකයක් කරා දිවෙන ශ්රී ලංකාවේ ගමන ඉදිරියට ගෙන යාමට සහාය වෙනවා” යැයි පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

