කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල 2017 දෙවැනි භාගයට සාපේක්ෂව, 2018 දෙවැනි භාගයේදී 18%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් ගණනය කරනලද ඉඩම් මිල දර්ශකයේ වර්ධනයක් ලෙස 18%ක මෙම වැඩිවීම පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව, 2018 දෙවැනි භාගයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය 125.9ක අගයක් වාර්තා කරන බවද පවසයි.
එහිදී, නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් මිල දර්ශකයේ අනු දර්ශක තුනෙහිම ඉහළ යාම මෙම වර්ධනයට හේතු වී ඇති බවත්, එම අනු දර්ශක පිළිවෙළින් 17%ක්, 17.4%ක් සහ 19.4%ක් ලෙස ඉහළ ගොස් ඇති බවද පවසයි.
නිශ්චල දේපළ අංශයේ වර්ධනයන් අධීක්ෂණය කිරීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පර්චසයක් සඳහා වන මිල ගණන් උපයෝගී කරගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබන අතර, මෙහිදී ඉඩම් භාවිතය සම්බන්ධයෙන් වන විවිධත්වය සැලකිල්ලට ගෙන සමජාතීත්තවය පවත්වා ගැනීම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් සඳහා අනු දර්ශක තුනක් ගණන කරනු ලබන බවත්, එම අනු දර්ශක තුනෙහි සාමාන්‍ය ඇසුරෙන් ඉඩම් මිල දර්ශකය ගණනය කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.