එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්රමයේ සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
කොටුවේගොඩ ලංකා බැංකු ශාඛාවේ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,
&‘මාතර කියල කියන්නෙ ව්‍යවසායකත්වයට අලුත් ප්‍රදේශයක් නොවෙයි. මාතර ඒ සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ ජානගත හැකියාවට ලබාදෙන ශක්තිය තමයි, එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා කියන්නෙ. මේ වැඩසටහන ණය ලබාදීමට සීමා නොවී ඉන් ඔබ්බට ගිහින් ව්‍යවසායකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත් කටයුතු කරනවා.
පසුගියදා පැවැත්වුණු බැංකු කළමනාකාරවරුන්ගේ රැස්වීමේදී වගේම, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ රැස්වීමේදීත් තරුණ ව්‍යවසායකයන්ව පුහුණු කිරීමට අවශ්‍ය සහාය දෙන්න ඔවුන්ට හැකි බවට ඔවුන් පොරොන්දු වුණා. ඒ වගේම තමයි, සාම්ප්‍රදායික විදියට බැංකුවකින් ණය දීල පැත්තකට වෙන්නෙ නැතුව, ඔවුන්ගේ නව ව්‍යාපාරවල ප්‍රගතිය සොයා බලන්නත් අප සූදානම්. තවදුරටත් ඉදිරියට එම ව්‍යාපාර දියුණු කරන්න, අඩුපාඩු සකස් කරන්න උපදෙස් ලබාදෙමින් අපේ තරුණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මේ වැඩසටහනේ අරමුණයි.
විශේෂයෙන්ම ව්‍යවසායකත්වය සඳහා කාන්තා දායකත්වය සතුටු දායක මට්ටමකට පත්වෙමන් තිබෙන බව මම මෙහිදී සඳහන් කළ යුතුයි. සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තා ව්‍යවසායකන් බිහිවීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. ඔවුන් ගන්නා ණය උපරිමයෙන් සිය අවශ්‍යතාව වෙනුවෙන් යොදවන අතර, කලට වේලාවට ණය වාරික ගෙවා දමන්නත් පිරිමින්ට වඩා වැඩි හැකියාවක් ඔවුන්ට තිබෙනවා.‘* යැයි වැඩිදුරටත් සඳහන් කළේය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන් අනතුරුව මාතර උයන්වත්ත මහජන බැංකු ශාඛාව, ලංකා බැංකු අධි ශ්‍රේණි ශාඛාව සහ මහජන බැංකුවේ ධර්මපාල මාවත ශාඛාව වෙත ගොස් ඒවායේ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කළේය.