කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය එක් දිනක් තුළ ඉහළ ගිය වැඩිම ඒකක ප්රමාණය ඊයේ (12දා) වාර්තා කර තිබේ.
සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 387.19කින් ඉහළ ගිය අතර, දිනය අවසානයේදී එය දැක්වුණේ ඒකක 7,985.00ක් ලෙසිනි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව 5.10%ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකය පෙන්වීය.
සියලු කොටස් මිල දර්ශකය අවසාන ගනුදෙනු දින 4 තුළ අඛණ්ඩ පහළ යාමකින් පසුව මෙම වාර්තාගත ඉහළ යාම පෙන්නුම් කර තිබේ.
මේ අතර, ඊයේ දිනයේ S&P ශ්රී ලංකා 20 මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 140.96ක වර්ධනයක් සමග, දිනය අවසානයේදී ඒකක 3,180.24ක් ලෙස සටහන් විය. එය පෙර දිනට සාපේක්ෂව 4.64%ක වර්ධනයකි.
රු.බිලියන 5.17ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ කොටස් ගනුදෙනු හරහා වාර්තා වී ඇත.