කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 අප්‍රේල් මාසයේ පැවති 5.2% සිට මැයි මාසයේදී 4.0% දක්වා පහළ ගොස් තිබේ.
2020 මැයි මාසයේදී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 0.4%ක් ලෙස වාර්තා වූ අතර, ආහාර හා ආහාර නොවන කාණ්ඩවල අයිතමයන්හි දක්නට ලැබුණු මිල ඉහළ යෑම මේ සඳහා හේතු විය හැකි බව මහ බැංකුව පවසයි.
ඒ අනුව 2020 මැයි මාසයේදී ආහාර කාණ්ඩයෙහි මාළු, පරිප්පු සහ සහල් මිල ගණන් ඉහළ යෑමක් වාර්තා විය. මේ අතර ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හිද ඉහළ යෑමක් වාර්තා වූ අතර, ප්‍රවාහන සහ විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑම් ඒ සඳහා හේතු විය.