ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙසන මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති 3.7% සිට පෙබරවාරි මාසයේදී 4.2%ක දක්ව ඉහළ ගොස් තිබේ.
ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා ප්රධාන වශයෙන් හේතු වී ඇති බවත්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේදී පැවති 5.9% සිට පෙබරවාරි මාසයේදී 6.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව පවසයි.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේද වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ජනවාරි මාසයේ පැවති 1.8% සිට පෙබරවාරි මාසයේදී 1.9%ක් දක්වාද සුළු ඉහළ යෑමක් පෙන්වා තිබේ.