ශ්රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු ඉලක්ක කරමින් ඉන්දුනීසියානු තානාපති හමුව (Meet the Ambassador) වැඩසටහන ජුනි මස 21දා ශ්රී ලංකා ජාතික වාණ්ඩ මණ්ඩලයේදී පැවැත්වේ.
එදින ප.ව.3.00 සිට ප.ව.4.30 දක්වා කොළඹ 10, ඩී.ආර්.විජයවර්ධන මාවත, අංක 450 යන ස්ථානයේ පිහිටි ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්රවණාගාරයේදී මෙම වැඩසටහන සංවිධානව වනු ඇත.
දෙරට අතර පවතින ආනයන-අපනයන හා ආයෝජන ආදී විවිධ පැතිකඩ ඔස්සේ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර, ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතු සම්බන්ධ කරුණු ගැන මෙහිදී දැනගැනීමට හැකිවනු ඇත.
33 වැනි වරට පවත්වනු ලබන Trade Expo Indonesia 2018 වෙළෙඳ ප්රදර්ශනය 2018 ඔක්තෝබර් මස 24 සිට 28 දක්වා ඉන්දුනීසියාවේදී පැවැත්වීමට නියමිත අතර, මෙම ප්රදර්ශනයේදී කලාප 8කින් නිෂ්පාදන හා ප්රදර්ශකයන් 1,000ක් පමණ ඊට සහභාගි වනු ඇති බව කියයි. මේ පිළිබඳ වැඩි විස්තර www.tradexpoindonesia.com යන වෙබ් අඩවියෙන් හෝ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය අමතා ලබාගත හැකිය.
ඉහතින් දැක්වූ තානපති හමුවීමේ වැඩසටහනට ලියාපදිංචිවීම සඳහා 011-4741788 දුරකථනය ඔස්සේ හෝ [email protected] යන විද්යුත් ලිපිනය ඔස්සේ සම්බන්ධ විය හැකිය.