ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා හුවාවේ විසින් ඇ.ඩො.මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි.
පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොංහිදී අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී ඔවුන් මේ බව පවසා සිටියේය.
හුවාවේ විසින් වර්තමානය වනවිට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන සිදුකර ඇති අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය යන රටවලට මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.
මෙම සමුළුවේදී හුවාවේ විසින් ලොවපුරා විසිර සිටින තාක්ෂණික ආරම්භක ව්‍යාපාර සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට Cloud-plus-Cloud Collaboration සහ Joint Innovation ව්‍යාපෘතිය දියත් කිරීමද සිදුවිය.
මෙම සමුළුව සඳහා ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාර, අධ්‍යාපන ආයතන, විවිධ කර්මාන්ත හා ජනමාධ්‍ය ආයතන මෙන්ම, ආරම්භක ව්‍යාපාර 50කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් 300කට අධික පිරිසක් සහභාගී වූහ.