ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්රමුඛ ව්‍යාපාරිකයෙකු වන සුසන්ත රත්නායක මහතා පත්කර තිබේ.
2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කර ඇති ඔහු වසර 30කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති අයෙකි.
එමෙන්ම, රත්නායක මහතා වර්ෂ 1992/93 සිට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබුණි.
මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ආයතන හා සමාගම් රැසක ඔහුගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේදී සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබුණි.