ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සුබ සාධක සංගමය 5 වැනි වරටත් පවත්වන වෙළෙඳ සල්පිල ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී අද (12දා) ආරම්භ වී තිබේ.
14 වැනි දින දක්වා පැවැත්වෙන මෙම සල්පිළ තුළින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතන්හි නිෂ්පාදන සහන මිලට මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා ඇත. මෙම වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් සිදුවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, අතිරේක ලේකම් ඩබ්.ඒ.ඩී.එස් ගුණසිංහ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් චම්පිකා මලල්ගොඩ, සුබසාධක සංගමයේ සභාපති රංජන් සිබේරා යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ වෙති.