2018 දේශීය ආදායම් පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹෙමින් මෙම කරුණු ඉස්මතු කර තිබේ.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැනුඑලා ගොරෙති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14 සිට 28 දක්වා කාලය තුළ කොළඹට පැමිනුණි. සිය සංචාරය අවසානයේදී ඇය කියා සිටියේ විස්තීර්ණ ණය පහසුකම හා අදාළ වැඩසටහනට අනුව 2019 අයවැය සැලසුම්කර ඇති පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යටත්ව, පස්වැනි සමාලෝචනය 2019 මැයි මස අවසන් කිරීමට ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සලකා බලනු ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය පහළ දැමීම සහ අත්‍යවශ්‍ය සමාජ හා සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා අවකාශය සලසා ගැනීමටත්, රාජ්‍ය ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඇති කිරීම සහ රාජ්‍ය අංශය සතු ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
එමෙන්ම, කම්පනයන්ට මුහුණදීමේ සහ වෙළෙඳ පොළ විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා, විචක්ෂණශීලී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ විනිමය අනුපාතිකයේ නම්‍යශීලීත්වය පවත්වා ගැනීම තුළින් විදේශ සංචිතවල ආරක්ෂණ මට්ටම නැවත ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් පවසයි.
මීට අමතරව, ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ශක්තිමත් තිරසාර හා සාර්ව සහභාගීත්වයක් සහිත ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා පදනම සැපයෙනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි.