අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ලෙස මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු, ව්‍යවසායකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා පත්කර තිබේ.
ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් (පුද්.) සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් (පුද්.) සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔහු, ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවෙකුද වෙයි.